IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි

ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මීටර 100 (පිරිමි) ළය ආර පිහිනුම් ඉසව්වේ ලෝක ශූරයා වන 26 හැවිරිදි ඇලෙක්සැන්ඩර්, ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදානම්වීම සඳහා මේ දිනවල ඇමරිකාවේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටියදී මෙසේ මිය ගොස් තිබේ. පුහුණුවීම්වලින් පසුව නාන කාමරයේදී ඔහු හෘදයාබාධයක් ඇතිවීමෙන් බිම වැටී සිට ඇතැයි ද වාර්තාවේ. ඔහු නෝර්වේ රාජ්‍යයට පිහිනුම් ක‍්‍රීඩාවෙන් පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකර දුන් ක‍්‍රීඩකයාය. අවසන් වරට 2008 වසරේදී පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවිය. පසුගිය වසරේ චීනයේ ෂැන්ග්හයි නුවරදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇලෙක්සැන්ඩර්, නෝර්වේ ජනතාවගේ වීරයකු බවටද පත්ව සිටියේය. නෝර්වේ ජාතිකයන් 77 දෙනකු මිය ගිය සමූහ ඝාතනය සිදුවී දින කිහිපයකට පසුව ඇලෙක්සැන්ඩර්, ලෝක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීම එම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි නෝර්වේ ජනතාව සතුටට පත්කළ සිදුවීමක්විය.  



අදහස් (0)

ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි

ජගත් Thursday, 03 May 2012 03:49 PM

මම මෙයත් එක්ක තරගෙට පීනන්නයි හිටියේ. දැන් ඉතිං මක් කරන්නද?

:       0       0

දේශප්‍රේමී Friday, 04 May 2012 09:42 AM

මේකත් කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2013 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 712 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site