
(අංජුල මහික වීරරත්න)
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරී පත්වී තිබේ.
මෙම 20 සිට 26 දක්වා නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත.එහිදී 21 දින පැවති ආසියා - පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව 24 දින පැවති මහාමණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධූරය සඳහා වැඩි ඡන්දයෙන් මහේල අමරසූරිය තේරී පත්ව ඇතෙ
1945දී ආරම්භ වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වේ. ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වන විට එහි පූර්ණ සාමාජිකත්වය දරයි.
මෙම 21 වන මහ සභාවාරයේදී එහි සභාපති ධූරය සඳහා පෘතුගාලයේ JCP තරුණ සංවිධානයත්, ලේකම් ධූරය සඳහා කියුබාවේ UJC සංවිධානයත්, අනෙකුත් උප සභාපති ධූර 2 සඳහා ලෙබනනයේ ULDY සහ නැමීබියාවේ SWAPO YL සංවිධානයත් තේරීපත්විය.
ෙමෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය , ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සම්බන්ධ විය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධූරය ලංකාවට
thilan Monday, 26 May 2025 02:19 PM
ප්‍රජාතන්ද්‍රවාදී එකට සමාජවාදී එකෙක්...
Deshabandu Tuesday, 27 May 2025 09:37 AM
ඔහු නවක වදයට සම්බන්ධ වූ පුද්ගලයෙකු නම්, ඔහු එම තනතුරට සුදුසු නැති බවයි මාගේ අදහස.