ශ්රී ලාංකික ඉංජිනේරුවන් හා ශ‍්‍රමිකයන් විසින් නිපැදවුණු සිව්වැනි රුවල් යාත‍්‍රාවද වැලිගම මුහුදු තීරයෙන් දියත් කැරිණි.
කොග්ගල නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදිත මේ රුවල් නැවේ උස මීටර පහකි. රුවල් කඳ මීටර 20කි. දිග මීටර 15.8කි. අවරේ පළල මීටර 8.3කි. යුරෝපීය ප‍්‍රමිතියේ පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිතය. බර ටොන් 12කි. නිදන කාමර හතරකි. සිවු දෙනකු සඳහා මාසයකට ආහාර ගබඩා කළ හැකිය. විදුලිය සූර්ය තාපයෙනි. පානීය ජලය මුහුදු වතුරෙන් පෙරාගනී. පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් රුවලෙන් යාත‍්‍රා කළ හැකි මේ නැවේ ඞීසල් ඇන්ජින් දෙකක්ද ඇත. තිස්ස ජිනසේන හා ඉංජිනේරු චමින්ද සංජීවගේ නායකත්වයෙන් තිස් දෙනෙක් මේ නැව තැනූහ.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් පුත්තු රුවල් නැව් හදති
නතාලි Friday, 20 January 2012 06:39 PM
ශ්‍රී ලංකාවට අභිමානයක්.
තාරක Friday, 20 January 2012 06:58 PM
ලංකාවට ජයවේවා. මේ වගේ දක්ෂ මිනිසුන්ට අත දී මේ වගේ දේවල් තව තවත් දියුණු කරන්න ඕනා. නියමයි. අපේ සුබ පැතුම්
සුපුන් Friday, 20 January 2012 09:01 PM
හොද කාර්යයක් සහෝදරවරුනී
ක්‍රිෂාන්ත Monday, 23 January 2012 04:46 PM
නියමයි ආසියාවේ ආශ්චර්යය ජයවේවා
නිශාන්ත සුදුසිංහ Thursday, 26 January 2012 12:25 PM
අපේ රටට අවශ්‍ය තාක්ෂණය ලබාදී රට වෙනුවෙන් කරන මේ උදාර සේවය අපි අගයනවා... තව තව අලුත් නිපැයුම් කරන්නට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා.
චන්දන Friday, 20 January 2012 03:27 PM
නියමයි ආසියාවේ ආශ්චර්යය
අමිල Friday, 20 January 2012 03:22 PM
ඔහොම යං, ඔහොම යං
රමිල් Friday, 20 January 2012 03:39 PM
ඔබලා වගේ පුතුන් තමයි අපේ මවුබිමට වුවමනා. ආසියාවේ ආශ්චර්යය කරා යනවිට ඔන්න අපෙන් සුබ පැතුම්
ජයසේකර Friday, 20 January 2012 03:47 PM
ඔබලා අපට ආඩම්බරයකි
වීරසිරි වැලිවත්ත Friday, 20 January 2012 04:16 PM
ඉතා හොදයි. අපේ කොල්ලො හොද වැඩකාරයෝ
JK Friday, 20 January 2012 04:27 PM
හැම දෙයක්ම කරන්න පුලුවන් වීරයන් ඉන්න රටක්. අපි ඒ අයට ආශිර්වාද කරමු තව ඉදිරියට යන්න. දවසක මගී නෞකාවක් හදන්න. බුදු සරණයි
කැන්ඩි Friday, 20 January 2012 04:30 PM
අතිවිශිෂ්ඨයි ඔබලාගේ නිර්මාණය. ජයවේවා
ශාන්ත විජයමාන්න Friday, 20 January 2012 04:57 PM
ආසියාවේ ආශ්චර්යය ලොවට පෙන්වූ වගයි
වික් Friday, 20 January 2012 05:02 PM
හොදයි
ජයී Friday, 20 January 2012 05:55 PM
ලංකාව සහල් වගාවෙන් ස්වයංපෝෂිතවී බඩගින්නේ දුක්වන සොමාලි ජාතිකයින්ට සහල් තෑගිදීමට පවා සමත්වී ඇති අතර මෙවැනි නිපැදවීම් වලින් දක්වන්නේ ලංකාවේ උදාවී ඇති කාර්මික දියුණුවේද උසස්තාවයයි. අපට ආඩම්බර විය හැකියි.
කෞෂල්‍යා Friday, 20 January 2012 06:07 PM
මෙය රටේ ඉදිරි ගමනට හොද දෙයක්. සුබ පැතුම් කොල්ලනි
අසෝක Friday, 20 January 2012 06:45 PM
සතුටුය. ලක්පුතුණි ඔබ දැරු වෑයමට! තව තව දිරි ලැබේවා පෙරටම යන්ට. අනාගතයෙ රන් අකුරින් බබලන්ට මෙවන් දරුවො තව බිහි වේවා රටට!