IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක් පුතෙක් පැරිස් ජූඩෝ තරගෙන් මුලට

පැරීසියට අයත් ප‍්‍රාදේශීය කලාප අට අතර සෑම වසරකම පවත්වන ප‍්‍රංශයේ කනිෂ්ඨ ජුඩෝ ශූරතා 2013 තරඟාවලිය අවසන් විය. එම ශූරතාවයේ අවසන් පුර්ව තරඟයේ බර කි:ග‍්‍රෑම් 49න් පහල පිරිමි කනිෂ්ඨ තරඟයෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පැරීසියේ ජීවත් වන ලහිරු ගීකියනගේ ඇල්විටිගල  සමත්විය. මුලික තරඟ වලදි ප‍්‍රතිවාදීන් සියල්ලුදෙනා පරදවා ඔහු එම ඉසව්වේ ජයග‍්‍රාහාකයා විය.  මෑත කාලයේ ශ්‍රී ලාංකික දරුවෙක් එවැනි ශූරතාවයක් දිනාගත් ප‍්‍රථම අවස්වක් මෙය වීම සුවිශේෂි විය. කුඩා කල සිට ලහිරු ජුඩෝ ක‍්‍රීඩාවට දස්කම් දැක්වීය.



අදහස් (0)

ලක් පුතෙක් පැරිස් ජූඩෝ තරගෙන් මුලට

තිලක් Friday, 08 February 2013 04:14 AM

ඔබගේ දියුනුව ගැන සතුටුයි. ඉදිරියට යන්න.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 06 February 2013 05:36 PM

නියමයි කොල්ලෝ.(නදී)

:       0       0

චාමි Thursday, 07 February 2013 09:37 AM

පුතාට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

දම්ම Wednesday, 06 February 2013 06:14 PM

ශ්‍රී ලාංකික දරුවෙක් පැරීසියේ? (නදී)

:       0       0

දම්ම Thursday, 07 February 2013 10:26 AM

රූපසිංහ මහත්මයා ලහිරු ප්‍රංශයට විදේශිකයෙක් නොවේ.ඔහු ප්‍රංශ ජතිකයෙක්. (ස)

:       0       0

කුමුදු Wednesday, 06 February 2013 07:47 PM

මවුබිමට මහත් ආඩම්බරයක් පුතේ. ඔය විදියටම ඉදිරියට යමු. (නි)

:       0       0

ලක්මාලි Wednesday, 06 February 2013 08:06 PM

ඇයි මේ මල්ලිව රට වෙනුවෙන් නියෝජනය කරවන්න බැරි? (නි)

:       0       0

සිසිර Wednesday, 06 February 2013 09:02 PM

ඔය අතින් පයින් කරන සෙල්ලම් නම් ලංකාවට හරියන්නැහැ පුතේ.(නදී)

:       0       0

පද්මි Thursday, 07 February 2013 12:31 PM

ප්‍රංශයේ පුරවැසියෙක් කොහොමද ලක්මාලි ලංකාව වෙනුවෙන් නියෝජනය කරන්නේ? (නි)

:       0       0

මාරසිංහ Thursday, 07 February 2013 12:50 PM

රූපසිංහ මහත්තයා කිවුවා වගේ ලංකා‍වට තියෙන ශාපය ඕක තමයි. (නි)

:       0       0

රීටා Thursday, 07 February 2013 12:52 PM

ධම්ම මහතා කිවුවා වගේ වෙන රටක් පුරවැසිභාවය ලැබුණු ගමන් ඔහු ප්‍රංශ ජාතිකයෙක් කියලා තමයි හදුන්වන්නේ. (නි)

:       0       0

නිමල් Thursday, 07 February 2013 12:53 PM

ඔහු ප්‍රංශ ජාතිකයෙක්ද? (නි)

:       0       0

ෂීලාස් Thursday, 07 February 2013 12:54 PM

මේ දරුවා ලංකාවේ හිටියා නම් ඔහුට මේ දුර යන්න බැහැ. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 06 February 2013 10:35 PM

මෙතනයි වෙනස. අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නැහැ. නුසුදුස්සා පත්වෙනවා. පන්දම, පගාව, තල්ලුව, දේශපාලන බලයයි ඉස්සරහට එන්නේ. නමුත් බලවත් රටවල් තමන්ගේ රටේ නම ගෙන යාමට හැකි විදේශිකයෙක් වුවද ඉදිරියට දමනවා. එතැනදී වර්ගවාදය ගැන තැකීමක් කරන්නට යන්නේ නැත. මෙම දරුවා මෙහි සිටි නිසා මෙතනට පත් වීමට හැකි වුණත් අප රටේ සිටියා නම් දැනට අපේ රටේ සිටින දක්ෂතාවන් ඇති අන් ළමුන් මෙන් කාලයටම පරවී යාමටද තිබුණි. මෙහිදී මට කිවයුත්තක් ඇත. මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වී ඇති සනත් ජයසුරිය මහතා ප්‍රකාශ කළ පරිදි කැලේ පිපි ඇති ලස්සන මල් මෙන් ගමේ ඉන්න දක්ෂ ළමුන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් දියත් කළහොත් අපේ රටේ දක්ෂ ක්‍රීඩකයන් පිරී ඉතිරි යනු නොඅනුමානය. (නි)

:       0       0

රංජිත් Thursday, 07 February 2013 01:19 PM

දෙමවුපියන්ගේ මහන්සියේ ප්‍රතිඵල.... සුභ පැතුම්! (නි)

:       0       0

කලුපහන Wednesday, 06 February 2013 10:54 PM

ආඩම්බරයි. ජය වේවා! (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 06 February 2013 11:37 PM

ශ්‍රී ලංකාවේ නම ප්‍රංශයේ බැබළෙනවා. ලහිරු පුතේ, ඔබ වැනි වීර පුතුන් මවූබිමට ආඩම්බරයක්. (නි)

:       0       0

සනත් Thursday, 07 February 2013 09:54 PM

ඔබ අපේ රටට ආඩම්බරයක් (දී)

:       0       0

ලක්ෂිත Thursday, 07 February 2013 01:41 PM

ජයවේවා .......ජයවේවා .......(දී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 07 February 2013 01:47 PM

හරිම සන්තෝෂයි ඔබට සුභ පැතුම් !!!!!!!! .(ස)

:       0       0

ලලිත් Thursday, 07 February 2013 01:55 PM

ඔබ හැබෑම හපනෙක් , පුතේ ජය වේවා ! .(ස)

:       0       0

නීල් Thursday, 07 February 2013 04:04 AM

අපේ සුභ පැතුම්!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site