
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය අතර අවබෝධකා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා - පාකිස්ථානු 75 වසරක දීර්ඝකාලීන සබඳතාව සනිටුහන් කරමින් සමරු මුද්දර 2 ක් නිකුත් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි දෙරටේ තැපැල් පරිපාලන ආයතන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2024-10-21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුමට අනුව දෙරටේ ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පදනම් කර ගනිමින් මුද්දර නිර්මාණය කිරීමට සහ නිකුත් කරනු ලබන මුද්දර 5,000 බැගින් හා මුල් දින කවර 2,000 බැගින් දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීමට ද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය එකඟ වී තිබේ. අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති බැවින් ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමටත්, යෝජිත ගිවිසුමට මේ මාසය අවසානයේදී අත්සන් තැබීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක්
Windra Tuesday, 25 February 2025 03:18 PM
මේවා හොර පාරෙන් කළුකඩ මුදලාලිලා අතට යන්න නොදී . මුද්දර එකතු කරන්නට ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන්න අවධානය යොමු වෙන්නත් ඕන