ඉන්දියා නිදහස් දිනයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගීවූ ඇමරිකා ජනපති බරක් ඔබාමාට ඉන්දියාවේ වාසය කරන ශී‍්‍ර ලංකා හා මාලදිවයින් ජනයා අතර තිබෙන ජාතිවාදී කණ්ඩායම් වලින් ජීවිත තර්ජනයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවට එරට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.
මෙම කණ්ඩායම් වලට අමතරව ඉන්දියාවේ කි‍්‍රයාත්මක අන්තවාදී ස්වරූපයෙන් යුතු කණ්ඩායම් වන හින්දු සේනා වැනි කණ්ඩායම් වල ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ ඇමරිකා ජනපතිවරයා බව බුද්ධි අංශ නිකුත් කර තිබෙන වාර්තාවේ සදහන් වේ.
මෙම කණ්ඩායම් වල වෛරයට ජනපති ඔබාමා හේතුවීමට ප‍්‍රධානම හේතුව ඔහු ප‍්‍රමුඛ ඇමරිකාව පකිස්තානය හා සමීප සබදතාවක් පවත්වාගෙන යෑම බව පැවසේ.පකිස්තානයට උදවු කරන ඇමරිකාව ඉන්දියාවට ද්‍රෝහී වී ඇතැයි හින්දු සේනා වැනි කණ්ඩායම් වලින් නැගෙන චෝදනාවයි.
මෙනිසාම ඉන්දියාවේ සිටින ගමන් බලපත‍්‍ර දිගුවන් ලබාගෙන සිටින ශී‍්‍ර ලංකා හා මාලදිවයින් ජාතිකයින් පිළිබඳව සෝදියෙන් සිටින ලෙස එරට ආරක්ෂක අංශ හා පොලිසියට උපදෙස් ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා නමටත් කැළලක්
ශාෆික් Tuesday, 27 January 2015 08:06 AM
මේවා බොරු කතා. ජීවිත තර්ජන කරන තත්ත්වයේ මිනිස්සු ඉන්නේ ලංකාවේ නෙමෙයි, ඉන්දියාවේ (නි)
ඉල්ලි ආස් Tuesday, 27 January 2015 08:54 AM
මෙම ප්‍රකාශය අප රටට කැළලක් උනත් එහි අැත්තක් ඇත. (නදී)
ප්‍රසංග Wednesday, 28 January 2015 12:07 AM
අන්තවාදීන් ලංකාවේ නැහැනේ. සමස්ත ශ්‍රී ලංකා ජනතාව ඔබාමාට කැමතියි (නි)
කුෂාන් Tuesday, 27 January 2015 10:00 AM
ලංකාවේ අය එහෙම වෙන්නේ නැහැ (නි)
විජිත විජේරත්න Tuesday, 27 January 2015 10:10 AM
ලංකාවේ මිනිස්සු ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ (නි)
කුෂාන් Tuesday, 27 January 2015 10:11 AM
ලංකාවේ අය එහෙම වෙන්නේ නැහැ (නි)
රාජා Tuesday, 27 January 2015 12:42 PM
ලංකාව ගැන මෙවැනි සැකයක් ඇත්නම් ඒ ගැන අපි අතිශය කනගාටු විය යුතුය (බ)