ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා ගැනීම සඳහා සැකැසූ නව ඩිජිටල් යන්ත්‍රය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවතේ දී අද හඳුන්වා දෙනු ලැබීය. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, ලන්දේසි, චීන, අරාබි, රුසියා, සහ ඉතාලි භාෂා වලින් මෙම යන්ත්‍රය රට ගැන ද විදේශිකයන්ට අවශ්‍ය භණ්ඩ සහ සේවා ලබා ගත හැකි ස්ථාන පිළිබඳව ද තොරතුරු ද සපයයි. අර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉන්ටෙලෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ මෙවැනි යන්ත්‍ර හතක් කටුනායක පිහිටුවා ඇත. සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පර්ලිමේන්ත මන්ත්‍රි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ගුවන්තොටුපෙළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය, උප සභාපති කමල් රත්වත්ත, ශ්‍රී ලංකා ප්‍රවර්ධන අමාත්‍යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූමි. ජවුෆර් අධ්‍යක්ෂ ජනරාල් විපුල වනිගසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඊට එක්වූය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා තොරතුරු භාෂා අටකින්
වසන්ත Monday, 19 March 2012 05:12 PM
හොද වැඩක්...