IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 3 අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට හදන විකල්ප යෝජනා තිබේ නම් වහා ඒවා ඉදිරිපත් කරන්නැයි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද  කීය.

මූල්‍ය අරමුදලේ  ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ රේගු මූලස්ථානයේ අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.



අදහස් (2)

ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 3 අත්සන් කරයි

අරවින්ද මොනරවිල Friday, 26 January 2024 04:10 PM

නිශ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරලා නැති රටක් මොනවද දන්නේ නැහැ මේ පිං ගුත්තරයා අපනයනය කරන්න හදන්නේ. 1977 පටන් ගත්ත අරාබියට ලංකාවේ කාන්තාවන් පටවන මාංශ වෙලදාම ඇරෙන්න අනිත් හැම අපනයනය භාණ්ඩයක්ම මුන් හිතාමතාම විනාශ වෙන්න ඉඩ ඇරියා.

:       6       12

Don Friday, 26 January 2024 06:07 PM

මේක පටන් ගත්තේ අවුරුදු ගාණකට කලින් දැන් ලකුණු දා ගන්නවා...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site