(දයාරත්න ඇඹෝගම)
තුන්වන පාසල් වාරය ආරම්භ කළද නිසි සෞඛ්‍ය පහසුකම් නැතිකමින් සිසුන්ගේත් ගුරුවරුන්ගේත් ජීවිත අවදානමකට පත්ව ඇති බවත්, ඊට විසඳුමක් නොදුනහොත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරිවලින් ඉවත් කරගන්නා බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(23) පැවසීය.
අද (23) දින පාසල් ආරම්භ කිරීමත් සමග උතුරු මැද පාසල් 14 ක් තාවකාලිකව වසා දැමීම හා පාසල් තුල ඇතිවු සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
"බොහෝ පාසල්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබදව සොයා බලන්න කෙනෙක් නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාසල්වලට එන්න වෙලාවක් නැහැ. ඒ ඔවුන්ගේ රාජකාරි ධාරිතාව වැඩි නිසා.මේ තත්ත්වය තුළ අද වන විට දරුවන්ගේ ජීවිත ගැන දැඩි අවදානම් තත්වයක් ඇති වෙලා.
මේ මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශය හිතුවක්කාර නොවී කටයුතු කළ යුතුයි. මේ කොරෝනා අවදානම නිසා දරුවන් පාසල් ඇවිත් තියෙන්නේ ඉතාම අඩුවෙන්. අපි අධ්‍යාපන ලේකම්වරයාට කිව්වා පාසල් පියවරෙන් පියවර පටන් ගන්න කියලා. නමුත් කාගේ හෝ අවශ්‍යතාවයකට පාසල් පටන් ගත්තා.
පාසල් ආරම්භ කළ දිනයේදීම අනුරාධපුරයේ පාසල් 14 ක්ම සෞඛ්‍ය හේතු මතා වසා දමලා තිබෙනවා. කඩිනමින් මේ පිළිබඳව තිරණයක් නොගත්තොත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත්කර ගන්නවා" ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංකා ගුරු සංගමයෙන් රතු එළියක්
chandana Monday, 23 November 2020 05:43 PM
මේ සාම්ප්‍රදායික කට්ටිය කොහොම කිව්වත් නොනැවතී දුවන මේ ලෝකයේ අපි විතරක් නැවතිලා එක තැන පල්වෙනවාට වඩා මේ තත්වයට මුහුණ දීලා ඉදිරියට යාමේ අභියෝගයට නව පරපුර හුරු කළ යුතුයි. අඩුපාඩු ඇත්නම් හදාගන්න ඕනෑතමයි. ඒත් අඩුපාඩු ගැන හිතලා එක තැන නතර වියයුතු නැත. අදදින සිසුන්ගේ පැමිණීම බලලා ආණ්ඩුවේ තීරණය අසාර්ථක බව උජාරුවෙන් කිව්වට, අදට වඩා හෙට පැමිණීම වර්ධනය වනු ඇත. රජය කළ යුත්තේ පැමිණෙන සිසුන් අධෛර්යමත් නොවන පරිදිත්, පැමිණීමට අපේක්ෂිත සිසුන් වල්මත් නොවනු පිණිසත් මෙය ප්‍රවේශමෙන් හා අඛණ්ඩව ක්‍රියාවේ යෙදවීමයි. මොවුන් ප්‍රකාශ කරන පරිදි සේවයෙන් ඉවත් කර ගන්නා අයට සදාකාලිකව නිවසේ රැඳී සිටීමේ වාසනාව උදාකර දීමටත්, සේවයට පැමිණෙන ගුරුවරුන්ගේ සේවය සුරක්ෂිත කිරීමටත් රජය සෘජු පියවර ගත යුතුයි. ගුරුවරුන් හෝ වේවා වෙනත් වෘත්තිකයන් හෝ වේවා පසුගාමීන් මේ රටට ශාපයකි...