IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලක් ගායකයා ඕස්ට්‍රේලියාව පිනවයි

ඕස්ටේ‍්‍රලියාවේ ෆර්ත් නුවර පදිංචි නලින් ජයවර්ධන සංගීතයෙන් දස්කම් දක්වයි. ඔහු කුඩා කළ සිට සංගීතයට ඇළුම් කළේය.

 මේවන විට ඔහුගේම ස්වතන්ත‍්‍ර නිර්මාණ සමග වෙනත් ගීත ඇතුළත් ගී තැටි බොහෝමයක් එළිදැක්වීමට ඔහු සමත්වී ඇත්තේය. දේශීය වාද්‍ය භාණ්ඩ වලට මුල්තැන දෙමින් දේශීය සංස්කෘතිය ප‍්‍රධාන කොට නිර්මාණය වූ බොහෝ ගීත වල පද රචනා ඇමෙරිකාවේ වෙසෙන ආචාර්ය විකුම් පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික‍්‍රමසිංහ සංගීතය සපයයි. නව පරපුරේ ගායිකා නිමන්ති චමෝදනී නලීන් සමග යුග ගී ගායනයට එක් වී සිටියි.

ඔහුගේ ගී තැටි විශාරද සුනිල් එදිරිසිංහ කලාකරුවාට පිළිගැන්වීය.

IMG_1043s IMG_4393-copy New-CD-front

 

 

 

 

 

 

 



අදහස් (0)

ලක් ගායකයා ඕස්ට්‍රේලියාව පිනවයි

කමණී රූපසිංහ Friday, 24 October 2014 10:48 AM

මගේ උණුසුම් සුබ පැතුම් නලින් අයියා ... තුරුණුවන්ගේ සරණින් දිර්ගායුෂ පතනවා (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Saturday, 25 October 2014 09:10 AM

මේ ආනන්ද ජයවර්දන මහත්මයාගේ පුතෙක්ද ..එහෙනම් තාත්තත් සංගීතයට සම්බන්දනේ (නදී)

:       0       0

අතුලගේ Friday, 24 October 2014 10:59 AM

සිංදුවක කොටසක් තියෙන වීඩියෝ එකක් දැම්මා නම් තවත් වටිනවා. (නදී)

:       0       0

ජයන්ත Sunday, 26 October 2014 09:53 AM

දර්ශන මහතාට පළමුව සිංහල පන්තියකට ගොසින් ඕනෑම පුවතක හෙඩිම එක ගැන අවබෝදයක් ලබා ගන්නේනම් හොදය. මම කියා ඇත්තේ මෙම පුවතේ සිරස් තලය මෙම පුවතට උචිත නැති බවයක්. ඔබ තුමා ඉංග්‍රීසියට වදින්නේ නැත්නම් මොනවද ඔයා ඕස්ට්‍රේලියාවල කරන්නේ. (බ)

:       0       0

දර්ශන පර්ත් නුවර Saturday, 25 October 2014 12:32 PM

ජයන්ත මහත්තයෝ නලින් සින්දු ගයන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල සුද්දන්ට හා ඉංග්‍රීසියට දෙපා නමා වඳින සිංහල කළු සුද්දන්ට .රවී මහත්තය කියනවා නලින් දැකල නැහැලු .ඔයා පර්ත් වල කාවද දැකල තියෙන්නේ .ඔහේ ඉන්න සමහර කළු සිංහලයන් ගැන කියන්න ගියොත් ජාතක පොතක් ලියන්න පුළුවන් .උඩ බලාගෙන කෙල ගහගන්නේ ඇයි? (අ)

:       0       0

කමණී රූපසිංහ Monday, 27 October 2014 06:06 AM

"නලින්ගේගීත පත්තර වල ඉන්න අය අහලානැතිවුනාට ලෝකයේ අන් රටවල්වය අය අගේට රස විදිනවා,ගීත 350 අදිසංඛයාවක් ගයා ඇති ඔහුගේ ගීත ලංකාවේ නාලිකා සහ යූටියුබය පුරාම ඉතාපහසුවෙන් සොයා රස විදිනට පුලුවන්" ඔහුගේ ගානයනය කෙනෙකුගේ හදවතට දැනෙන ගීත හඩකින් ගායනා කරන ගයකයේ. සුබ පැතුම් නලින් අයියා ...(බ)

:       0       0

කමණි රූපසිංහ Monday, 27 October 2014 06:14 AM

මෙහෙම"නලින්අයියා ගේගීත පත්තරවල ඉන්න අය අහලා නැති වුනාට ලෝකයේ අන්රටවල් වල අය අගේට රස විදිනවා,ගීත 350 අදිසංඛයාවක් ගයා ඇති ඔහුගේ ගීත ලංකාවේ නාලිකා සහ යූටියුබය පුරාම ඉතා පහසුවෙන් සොයාරස විදිනට පුලුවන්" මටනම් ඔහුගේ සිංදු හදවතට පුදුම විදිහට කා වදිනවා තවතව ගී ගායනා කරන්න අපි වෙනුවෙන් නලින් අයියා... ඔබට බුදුසරණයි.(බ)

:       0       0

රවී Friday, 24 October 2014 11:36 PM

මම පර්ත් වල අවුරුදු 10 ජීවත්වෙනවා. නලින් අදුනනවා. ගීත කියන බව දන්නේ අද. මෙහේ ශ්‍රී ලංකික ප්‍රවීණ කලාකරුවන් සමග යුග ගායනා කරන අය ඉන්නවා. නලින් නම් දැකල නැත. (නදී)

:       0       0

අරුණ Saturday, 25 October 2014 12:48 AM

නිහඩ සේවයක් කරන හොඳ කලාකරුවෙක්, සිංහල රසිකයන් අතරට ඉක්මනට එයි (නදී)

:       0       0

සජී Friday, 24 October 2014 01:01 PM

අනේ මන්දා මමත් පර්ත් සෑහෙන කාලයක ඉදලා. අද තමයි දැක්කේ. (නදී)

:       0       0

ජානක Saturday, 25 October 2014 01:40 AM

ඉතින් කලින් සින්දු කියන බව දැකල නැති නම් දැන් බලා ගන්න. අපිත් දන්නවා ඔය කියන පුරවරයේ ඉන්න සමහරු ලාංකිකයන් පාරේ දැක්කත් අහක බලාගෙන යන කොට්ටාශයක් ඉන්නවා. මමත් ආරාධනයක් මත නිවාඩුවක් ගත කරන්න එහෙ ගිය විට දැකපු දෙයක් ඒක. (නදී)

:       0       0

චනිල් Saturday, 25 October 2014 02:08 AM

සමහරුන්ගේ උපන් හැකියාවල් මතු වෙන්නේ ජීවිතයේ සෑහෙන කාලයක් ගියාට පසුව. සමහරුන්ට නොයෙකුත් හේතු නිසා ඒවා මුල සිටම එලි දක්කන්න බැරි වෙනවා. සමහරු කුලෑටියි. කවුරු හරි ඉදිරියට තල්ලු කලාම හිටි ගමන් මතු වෙන අයත් ඉන්නවා. ඉතින් මේ මොන කාරණාව උනත් මේ පුද්ගලයාගේ දක්ෂකම අගය කරන එක හොඳයි නේද ? මමත් එහෙ තමයි ඉන්නේ මෙහෙම කෙනෙක් දැකලවත් නැහැ කියන්නේ පිටරට ඉන්න සමහර අයගේ කුහක කම තමයි. (නදී)

:       0       0

වරුණ Sunday, 26 October 2014 05:05 PM

ඇත්තටම සතුටුයි! (නි)

:       0       0

හොචින්ග් Friday, 24 October 2014 10:23 AM

ගම්පහ කොල්ලෙක්. ජයවේවා ! (නදී)

:       0       0

නන්ද Friday, 24 October 2014 10:23 AM

නලින් මහත්තයා ඇති දක්ෂ ගායකයෙක්,හොඳ කලා කුසලතාවයක් තිබෙන කලාකාමියෙක්. ගම්පහ ප්‍රදේශයෙන් බිහිවුණු යහපත් මහත්මයෙක්.මමත් එතුමාට ඉතා සිතින් සුබ පතනවා. (නදී)

:       0       0

ජයන්ත Friday, 24 October 2014 10:31 AM

ඕස්ට්‍රේලියාව පිනවන්න මෙහෙ ඉන්න සුද්දෝ සිංහල දැන ගන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1658 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 649 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site