IMG-LOGO

ලක් කෙල්ලො තුන්දෙනාම බොක්සිං පදක්කම් දිනති

ඊජිප්තුව, හන්ගේරියාව, පෝලන්තය, පින්ලන්තය, සයිබීරියාව, ඇල්ජීරියාව, ටියුනීසියාව  සහ ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් අටක තරඟකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ ටියුනීෂියා නුවර  පැවති  අට වැනි ජාත්‍යන්තර කාන්තා බොක්ෂිං ශූරතාවලියෙන්  රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ නිලධාරීහු ද, ස්ලිමි ලයින් ක්‍රීඩා සමාජයේ නිලධාරීහු ද, ඔවුන්ගේ ඥාතීහු ද දිවයිනට පැමිණි මෙම ක්‍රීඩිකාවන් උනුසුමි අන්දමින් පිළිගත්හ. කිලෝග්‍රෑමි 48 බර පන්තියේ රන්පදක්කම අනුෂා කොඩිතුවක්කු හිමිකරගත්තාය ගත්තාය. කිලෝග්‍රෑමි 57 බර පන්තියෙන් තරඟ වැදුණු සිතාරි සඳරේඛා සහ කිලෝග්‍රෑමි 75 බර පන්තියෙන් තරඟ වැදුණු ශිරෝමලී වීරකෝන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ. කාන්තා බොක්ෂිං ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දී,   පුරුදු පුහුණු කිරීමට  අනුග්‍රහය ලබා දුන් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුති වන්ත වන බව අනූෂා කටුනායකදී පැවසුවාය.    



අදහස් (0)

ලක් කෙල්ලො තුන්දෙනාම බොක්සිං පදක්කම් දිනති

නිෂාඩ් ප්‍රීනා Monday, 19 November 2012 09:24 AM

මගේ සුභ පැතුම්! මෙවන් දස්කම් තවත් ඉදිරියට දැක්වීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සුනෙත් Tuesday, 20 November 2012 11:46 AM

බොක්සිං කියන්නේ සිංහල බෞද්ධ කුල කාන්තාවන්ට ඔබින ක්‍රීඩාවක් නෙමෙයි. ඕක හොඳ කළු කෙල්ලන්ට. බොක්සිං ගහන කෙල්ලොන්ගේ කිසිම "ගැහැණු" ගතියක් නැහැ. උන් පෙනුමෙනුයි, හැසිරිමෙනුයි නිකන් කොල්ලෝ වගේ. (ස)

:       0       0

අචිනි Monday, 19 November 2012 09:47 AM

සුබ පැතුම් සොයුරානනේ , ඔබගේ අනාගතයට ජය වේවා !! දේශපාලනයෙන් තොරව ඔබව පිළිගත් සැමට ප්‍රනාමය (ස)

:       0       0

රොෂාන් සෞදි Monday, 19 November 2012 10:32 AM

උණුසුම් සුභපැතුම් (අ)

:       0       0

මංජුල Monday, 19 November 2012 04:30 PM

මට සතුටුයි නංගි, ලංකාව බබලවන්න (ස)

:       0       0

ධම්මික Monday, 19 November 2012 10:47 AM

දයාබර නැගනිවරුනි, මෙවන් දක්ෂතා තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 20 November 2012 03:10 AM

මාටින් මාමා වයස ගැන හිතලාවත් කෙල්ලන්ට විහිඑ කරන එක දැන්වත් නවත්වනවද? (නි)

:       0       0

බාලචන්ද්‍රන් Monday, 19 November 2012 11:20 AM

නියමයි සහෝදරියනේ. සුබ පැතුම් (ස)

:       0       0

ලියනගේ Monday, 19 November 2012 11:53 AM

සුබ පැතුම් සහෝදරවරියනේ...සුබ අනාගතයක් වේවා (ස)

:       0       0

මනෝජ් Sunday, 18 November 2012 09:59 PM

අපි ඔයාලට ආදරෙයි (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 19 November 2012 11:59 AM

ඔයාලා තුන්දෙනාටම ජය වේවා .(ස)

:       0       0

ධනුෂ්ක Monday, 19 November 2012 11:44 AM

ඔබ තිදෙනාටත් සහයෝගය දැක්වූ සැමටත් මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අමල් Sunday, 18 November 2012 10:24 PM

හොඳයි, හොඳයි (ස)

:       0       0

සදුනි Sunday, 18 November 2012 10:38 PM

මගේ උණූසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 10:53 PM

ඔබට සදා ජය

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 18 November 2012 11:15 PM

සූභ පතනවා! (නි)

:       0       0

වීරසිංහ Monday, 19 November 2012 11:58 AM

සුබ පතනවා (ස)

:       0       0

බන්දුල Sunday, 18 November 2012 11:02 PM

දැන් අපේ ක්‍රීඩකයෝ හැම අංශයෙන්ම ජයග්‍රහණයේ මාවතට ළගාවෙන එක ගැන සතුටුයි. (නි)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 11:33 PM

රටක් වටින දූවරුන්ට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුනන්ද Monday, 19 November 2012 06:24 PM

අනේ මේ මිලානෝ වලට ටිකක් එන්නකෝ, පනාගොඩ කියලා ලංකාවේ මල්ලි කෙනෙක් ඉන්නවා, රටට අපහාස කරන. අන්න එයාගේ මුණට හොඳ බොක්සින් පාරක් දෙන්න. (නි)

:       0       0

නිහාල් Monday, 19 November 2012 12:28 PM

ඔයාලට දිරියෙන් දිරිය ලැබේවා! සුභ අනාගතයක්! (නි)

:       0       0

රණසිංහ Monday, 19 November 2012 12:04 AM

නියමයි. (නි)

:       0       0

එරික් Monday, 19 November 2012 01:02 PM

උණුසුම් සුභ පැතුම්! හැබැයි කසාද බදින මහත්තුරු පරිස්සමින් හොදේ. (නි)

:       0       0

රංග Monday, 19 November 2012 01:55 AM

නියමයි අපේ කෙල්ලෝ තුන්‍ දේනා .අපේ අය මේවාගේ හොඳ දේවල්වලටනම් අදහස් දක්වන්නේ නෑ (ස)

:       0       0

චන්ද්‍රපාල Monday, 19 November 2012 01:41 PM

ලක්මවගේ දිරිය දියණියන්ට හද පිරි සුබපැතුම් (ස)

:       0       0

සංජීව Monday, 19 November 2012 03:14 AM

කෝ ඇමතිගොල්ලෝ? අනික කෝ රතුපලස? (නි)

:       0       0

ආනන්ද Monday, 19 November 2012 05:47 AM

ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට හරිම සන්තෝෂයි. (නි)

:       0       0

දර්ශන් Monday, 19 November 2012 06:15 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ජෝස් Monday, 19 November 2012 08:01 PM

පාලිතගේ අදහසට වැඩිය නම දිගයි. (නි)

:       0       0

මාටින් Monday, 19 November 2012 02:13 PM

විහිලුවක්වත් කරන්න බයයි. බොක්සිං කෙල්ලොනේ (ස)

:       0       0

සමන් Monday, 19 November 2012 06:57 AM

ඔබලාට‍ ඔලිම්පික් පදක්කම් හිමිකර ගැනීමට වාසනාව උදාවේවා. සැමට ස්තූතියි (ස)

:       0       0

සිල්වා Monday, 19 November 2012 02:19 PM

කරුණාකර මේ දරුවන්ගේ ඉදිරි ගමනට දේශපාලනය හරස් නොකරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 19 November 2012 07:54 AM

නියම කෙල්ලො තුන්දෙනෙක්. ජය වේවා! (නි)

:       0       0

තුෂාර Monday, 19 November 2012 08:06 AM

නියමයි. නංගිලාට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

නජිත් Monday, 19 November 2012 08:09 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:15 AM

මේක හරිම අමාරු ක්‍රීඩාවක්. සුභ පැතුම්! (නි)

:       0       0

වික්‍රමසිංහ Monday, 19 November 2012 03:28 PM

ශ්‍රී ලංකාවේ නාමය ඉදිරියේ කීර්තියට පත් කල ඔබ තිදෙනාට උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

සරත් Monday, 19 November 2012 08:44 AM

මගේ උණුසුම් සුබ පැතුම් . ලංකාවේ නම රැක ගන්න ඕනි ඔ‍න්න ඔහොමයි (ස)

:       0       0

ෂෙල්ටන් Monday, 19 November 2012 08:39 AM

ලෝකයම ජය ගමු ඉදිරියට, නංගිලා තුන්දෙනාටම සුභ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site