IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ.

නගර අලංකාර වැඩසටහන සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට රටවල් 26 ක මූර්ති කලා නිර්මාණ ශිල්පීන්ට චීනය ආරාධනා කර ඇත.ඉන් නිර්මාණ ශිල්පීන් සය දෙනකුගේ නිර්මාණ 12 චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරාගෙන ඇත.

එසේ තෝරාගත් නිර්මාණ 12 අතරට ශ්‍රී ලාංකික මූර්ති කලා නිර්මාණ ශිල්පියකු වන ලලිත් සේනානායක මහතාගේ නිර්මාණ දෙකක්ද ඇතුළත් වී තිබේ.ලලිත් සේනානායක මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇති අශ්වයකු සහ නිදහසේ පියාඹන කුරුල්ලන් දෙදෙනෙකු සහිත මූර්ති දෙකක් චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා මෙසේ තෝරාගෙන ඇත.

ශ්‍රී ලාංකික ශිල්පියකුගේ මූර්ති කලා නිර්මාණ දෙකක් චීන නගරයක ප්‍රධාන උද්‍යානයක් අලංකාර කිරීම සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය බව තමන් විශ්වාස කරන බවත් චීනයේ තබා ඇති තම නිර්මාණ අසල ශ්‍රී ලංකා ධජය ලෙළදෙන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ලලිත් සේනානායක මහතා ප්‍රකාශ කළේය.



අදහස් (7)

ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි

Lalith Wednesday, 22 March 2023 07:24 AM

ඔබගේ ජයග්‍රහණයට අපගේ හදපිරි සුභ පැතුම්

:       0       14

kithsiri Wednesday, 22 March 2023 07:48 AM

ලලිත් සේනානායක මහතා ට සුභපැතුම් !

:       0       12

Senarath Wednesday, 22 March 2023 08:53 AM

ඔබ විශිෂ්ටයෙක් .ඔබට අපේ ප්‍රණාමය

:       0       15

Lalla Wednesday, 22 March 2023 09:00 AM

ජය වේවා....

:       0       11

Senaka Wednesday, 22 March 2023 09:13 AM

බොහොම සතු‍ටුයි මහත්තයෝ. තව තවත් මේ වගේ සුන්දර නිර්මාණ ලොව පුරා ගෙන යන්න ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා!

:       0       11

Perera Wednesday, 22 March 2023 09:52 AM

අපේ රට බොහෝ ක්ශේෂ්ත්‍ර වල ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා නිපුනතා දැක්වීමට අය සිටියත් හොරකමටයි තක්කදිකමටයි හිත යොමු කරන දේශපාලුවන් ඒ නිපුණතාවයන් වලින් රටට වැඩක් ගැනීමට දන්නේ නැහැ

:       0       14

Bunny Preena Wednesday, 22 March 2023 01:09 PM

ලලිත කළා ඔපකරලා .ඔබට සුභපැතුම්

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site