IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ලංකා කැරට්ටුව වැරදි නම් වැඩ වරදී‘

ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය කියයි.

මානව හිමිකම් ප‍්‍රඥප්තියට අනුකූලතාව දැක්වීම සඳහා රජයේ ඇති කැපවීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද සිසු පිරිසකට පොලීසිය හිංසාකාරී ලෙස ප‍්‍රතිචාර දැක්වීම ගැටළු සහගත බව ද යුරෝපා සංගමය කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ලබා දි ඇති නිර්දේශ  ද සැලකිල්ලට ගෙන වගකිව යුතු පාර්ශව ඉදිරියට ගන්නා ක‍්‍රියාමාර්ග දෙස ඉතා  ඕනෑකමින් බලා සිටින බවද යුරෝපා සංගමය කියයි.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණ අතුරුදන් වූවන්ගේ ඥාතින් මුණගැසුණු පසු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ද තමන්ට වාර්තා වන බව එම සංගමය සඳහන් කර සිටී.මෙම වාර්තාව සත්‍යයක් නම් අතීතයේ සිදුවූ එවැනි දේ යළි සිදුවෙමින් තිබීම ද ගැටළුවක් බව යුරෝපා සංගමය පවසයි.



අදහස් (0)

‘ලංකා කැරට්ටුව වැරදි නම් වැඩ වරදී‘

ප්‍රනාන්දු Thursday, 10 December 2015 07:10 PM

මෙය නැවත ලබාගැනීම සඳහා ඉදිරියේදී මොනවා සිදුවනු ඇද්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 December 2015 10:17 PM

ඔය ජී.එස්.පි. ප්ලස් බදු සහනය අපට ලැබුනේ සුනාමිය සමඟ. ඔය ජී.එස්.පි. නැතුව තමයි ඊට පෙර අපි වැඩකළේ. එමනිසා ඕක ගැන බටහිරට වඳින්නේ නැතුව අපේ වැඩ කරගනිමු. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 12:06 PM

අනුන්ගෙන් යැපෙන්න ගියාම ඔහොම තමයි. එයාලා කියන කියන පදේට නටන්න ඕනෑ (නි)

:       0       0

හිමාල් Friday, 11 December 2015 07:51 AM

ජී පී එස් වලට කලින් බහුවිධ කෙඳි ගිවිසුම තිබුණා. ලොකු ඇඟලුම් කම්හල්වලට නම් මේක නැතුව පවතින්න පුළුවන්.ඒත් පොඩි ආයතනවලට බෑ.මොකද බංග්ලාදේශයේ,වියට්නාමයේ,චීනයේ ඇඟලුම් මිල අඩුයි. (බ)

:       0       0

රූපසිංහ Thursday, 10 December 2015 01:19 PM

ඔය ජී.එස්.පි. ප්ලස් බදු සහනය ලැබෙන්නේ ඇමරිකාවට සහ යුරෝපයට අපේ නිමි ඇඳුම් වෙළඳාමේදී නිසා ඔය නිමි ඇඳුම් වෙළදාම නවතා දමා වෙනත් වෙළද පොළක් සොයා ගත්තොත් නේද හොඳ? මේ අයගේ තහංචි වලට ඔලුව පහත් කරන්නේ නැතුව. ඔය ආසියාවේ රටවල් කොච්චර තිබෙනවාද? බැරිද අපේ රටේ වෙළඳාම් රටාවේ මුහුණුවර ටිකක් වෙනස්කර ගන්න. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 10 December 2015 02:41 PM

කස පහරවල සද්දය විතරද? පෙරහරේ අලි සහ නැට්ටුවෝ විතරද? (නි)

:       0       0

නුවන්සර Thursday, 10 December 2015 02:37 PM

ඇත්තටම අප දැනටමත් මේ ජී.එස්.පී ප්ලස් බදු සහනය අවශ්‍ය නොවන බව ඔප්පු කර හමාරයි. තරඟකාරිත්වයෙන් ලබා ගන්නා ඇනවුම් ඉතා උසස් සහ ගෞරවනීයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site