IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලක් කතගෙන් මලයාසියාවේ දී කප්පම් කන්න හදලා

ශ්‍රී ලාංකික කාන්තාවක මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී කප්පම් ලබාගැනිමේ අරමුණින් පැහැර ගැනිමෙන් දින තුනකට පසු එරට පොලිසිය විසින් බේරාගනු ලැබීය. පොලිස් නිලධාරී අබ්දුල් රහීම් අබ්දුල්ලා පවසන අන්දමට විසි හැවිරිදි ලක්කත තම මලයාසියා නෑයෙකු සමඟ සංචාරක නියොජිතයෙකු ලෙස (බොරුවට පෙනිසිටි)  මුණගැසිමට  බටුකවේස් ප්‍රදේශයට පැමිණ ඇත. ඊට පෙර දින මෙම බොරු නියෝජිතයා ලක්කතට ඉගෙනිමට උදව්කර බව පවසා  එසේ කිරීමට නම් ලියාපදිංචි වීමට අවශ්‍ය බව දන්වා ඇත.
බොරු නියෝජිතයා හමුවිමට පැමිණිවිටදි තවත් දෙදෙනෙකු පැමිණ කාන්තාවගේ නෑදෑයනට පහරදී ල ඇය වාහනයකට දමාගෙන පලාගොස් ඇතගපසුව කාන්තාවගේ දුරකථනයෙන් කථාකොට කාන්තාව නිදහස්කිරිමට නම් මලයාසියා. රු 8500 (ලංකා රුග340000) කප්පම්  ඉල්ලා ඇත.  අනතුරුව බදාදා දහවල් එක පමණ වන විට කාන්තාව රඳවාගෙන සිටින ස්ථානය සොයාගැනීමට පොලිසිය සමත්විය. පොලිසිය එනු දුටු එක් සොරෙකු දොරට අගුල දැමුවත් දොර බිම දමා  ලාංකික කාන්තාවව බේරාගෙන ඇත. එහිදී පැහැරගැනිමට සම්බන්ධ ඉන්දියා සහ ලාංකිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. තෙවැන්නා  තිස්තුන් හැවිරිදි ලාංකිකයෙකි.  ඔහු පැය තුනකට පසු ශ්‍රීගොටංග් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

 


 

 



අදහස් (0)

ලක් කතගෙන් මලයාසියාවේ දී කප්පම් කන්න හදලා

මාර්ක් Saturday, 01 March 2014 12:44 PM

මෙවැනි මිනිසුන්ට දඩුවම් කරන්න (දිල්)

:       0       0

වෙතුලි Friday, 28 February 2014 06:59 PM

අනේ ලංකාවට ලජ්ජා කරන්න පිටරටම ගිය හැටියක් (දී)

:       0       0

මොහොමඩ් Friday, 28 February 2014 07:05 PM

තෙවෙන්නගේ වයස පමණක් දමා ඇත. පලමුවෙන්න සහ දෙවෙන්නගේ වයස කීයද? (දී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 07:30 PM

උල තියන්න එපයි. රට ගිහිල්ලත් කරන ජරා වැඩ (දී)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 09:20 PM

කොහේ හරි රටක පැහැරගැනීමක් හෝ මංකොල්ල කෑමක් පිටිපස ලංකාවේ නම ගෑවී ඇත. (අ)

:       0       0

සෑම් Saturday, 01 March 2014 02:46 AM

පිටරටවල ඉන්නා ලාංකිකයෝ කරන අපරාධ නිසා ලංකාවේ නම නැතිවෙනවා. ඔස්ට්‍රේලියාවෙදීත් දැනට ටික කලකට පෙර ගාල්ලේ ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ සහෝදරයෙකුගේ පුතෙක් ද්විත්ව මිනීමැරීමක් (නැන්දම්මාව සහ මාමන්ඩියව ) මරලා ලංකාවේ නම නැතිකළා.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1620 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site