IMG-LOGO

ලංකා- ඕස්ට්‍රේලියා පොලිසි ගිවිසුමකට එයි

(අංජුල මහික වීරරත්න)

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අන්තර් ජාතික අපරාධ වලට එරෙහිව ක්‍රියා කිරීම / පිටු දැකීම සහ පොලිස් සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ සංවිධානාත්මක හා ජාත්‍යන්තර අපරාධ හේතුවෙන් වර්ධනය වන අභියෝගයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමාන අභිලාෂයන් සහිතව කටයුතු කරනු ලබයි. 

එබැවින්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම හා නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා පහසුකම් සැපයීම, සම්බන්ධීකරණ නීති පැනවීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවත්නා සහයෝගිතා රාමු ශක්තිමත් කිරීම, තොරතුරු ප්‍රවර්ධනය සහ දැනුම හුවමාරු කිරීම, ධාරිතා සංවර්ධනය ආදිය අරමුණු කර ගනිමින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනාවී ඇත.

 ඒ අනුව, දෙපාර්ශ්වය අතර අන්තර් ජාතික අපරාධ මැඩලීම සහ පොලිස් සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ලංකා- ඕස්ට්‍රේලියා පොලිසි ගිවිසුමකට එයි

Krishna Wednesday, 11 June 2025 03:40 PM

කන්ටේනර් වංචාවල් පවා ඕකෙන් හොයන්න පුළුවන්...

:       1       4

Bunny Preena Thursday, 12 June 2025 09:30 AM

කොහොම උනත් කමක් නෑ – දූෂිත ක්‍රියාවන් වළක්වා, අඩුපාඩු නැතිකොට , ලෝකයම පිළිගන්න සුදුසු නීතිගරුක, විනය ගරුක, ශිෂ්ට සම්පන්න නිළධාරින්ගෙන් පරිපූර්ණ වූ හොඳ කාර්යශූර පොලීසියක් යන සන්නාමය හිමි කර ගැනීමට කටයුතු කරමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 452 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site