IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 75 ක රන් පස්සෙන් අදී

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා රත්තරන් බිස්කට්  පහලොවක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද  අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ වත්තල සහ කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. ඔවුහු වයස  42 සහ 49 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ  බව රේගුව කියයි.

මොවුන් දෙදෙනා කිලෝග්‍රෑම් එකහමාරක් වටිනා රන් බිස්කට් තම ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.

සැකකරුවෝ අද අලුයම 2.05 ට පමණ  ඊ.කේ 349 දරණ ගුවන්යානයෙන්  සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇත. ඔවුන්ගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇති වු සැකයක් මත මෙම රන් බිස්කට් සොයාගෙන ඇත.

 ඔවුහු පෙරදින සිංගප්පුරුවට ගොස් ඇති බව රේගුව කියයි.

මින් එක අයෙකු ළඟ රන් බිස්කට් 3 ක් ද අනෙකා ළග රන් බිස්කට් 12 ක්ද තිබු බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ලාලන සෙනවිරත්න මහතා ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන  එස්.එල්.ඒ රිෆායි, එස්. ඥානදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, එස් අතුකෝරල, රුවන් අල්විස්, රුවන් රත්නායක, දේවප්‍රිය වීරසිංහ, මහිල් මසුශංක, චතුර අබේසිරි ගුණවර්ධන, තුසිත අධිකාරම් යන නිලධාරීහු සිදු කරති.

 1 4 5 6 7 8      

 



අදහස් (0)

ලක්ෂ 75 ක රන් පස්සෙන් අදී

ටෙරන්ස් Tuesday, 11 November 2014 02:40 AM

අයියෝ! රත්තරන් වලට ගිය කල! (නි)

:       0       0

නලීන් Tuesday, 11 November 2014 02:48 AM

මේ මිනිසුන්ට ලැජ්ජා නැද්ද මන්දා මෙහෙම වැඩ කරන්න? (නි)

:       0       0

රෝහණ Tuesday, 11 November 2014 03:01 AM

දැන් බලාගෙන ගියාම ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් වෙලානේ. මේ දිනවල දිගටම මේ රත්තරන් වැඩේ යනවා වුනාට ඒක අවධානය වෙන පැත්තකට හරවන්න කරන උප්පර වැට්ටියක්ද දන්නේ නැහැ කියලත් හිතෙනවා එහෙම වුනොත් අනිත් අනිත් පාරවල් වලින් ගජ රාමෙට කුඩු එතනෝල් වගේ දෙයක් එන්නත් පුළුවන් නේද? (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 11 November 2014 08:01 PM

ළඟදී ගත් රත්තරන් මාලේ දාපු වෙලාවේ සිට මහා වැසිකිළි ගඳක් ආවේ මොකද කියලා තේරෙන්නේ දැන් තමයි (නි)

:       0       0

ධම්ම Tuesday, 11 November 2014 04:16 AM

මේ මිනිස්සු පත්තර කියවන්නේ නැද්ද? ප්‍රවෘත්ති අහන්නේ, බලන්නේ නැද්ද? අවම වශයෙන් වටාපිටාවේ මිනිසුන් එක්ක කතා බහ කරන්නේ නැද්ද? මෙවැනි ප්‍රවෘත්ති දැන් දිනපතා අහන්න ලැබෙනවා. (බ)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 11 November 2014 01:35 PM

පස්සෙන් ඕවා අදින කොට මොවුන් කොහොම හිටියද දන්නෑ? ලැජ්ජාවක් නැති හොරුන්. (ර)

:       0       0

සත්‍යපාල Tuesday, 11 November 2014 04:40 AM

මේ හොර ජාවාරම් වල යෙදෙන අයට දෙන දඩුවම් වැඩි කල යුතුය. අඩුම තරමින් නීති විරෝධී ලෙස රුපියල් පනස් දාහකට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ මෙරටට ගෙන අාවොත් පනවන දඩයට අමතරව මාස හයක් දක්වා සිර දඩුවම් නියම කිරීමට හැකිවන ලෙස නීති වෙනස් කළයුතු අතර,දැනට පවතින ක්‍රමය වන දඩ ගසා රේගුවමගින් වැරදි කරුවන් නිදහස් කිරීම වෙනුවට මහේස්ත්‍රාත් වරයකු වෙත චුදිතයන් ඉදිරිපත් කිරීම මගින් මෙම දඩුවම් පැමිණීමේ ක්‍රියාවලිය සිදුවන නිසා මෙම අයතා ක්‍රියාවලියට සම්බන්ධ වන පුද්ගල සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇත.(අ)

:       0       0

ශාන් Tuesday, 11 November 2014 05:10 AM

මේ විදියට අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ ඊළගට ? (ස)

:       0       0

මාර්කෝස් Tuesday, 11 November 2014 05:10 AM

ගුවන් මගියෙකුට ගෙන ආහැකි රත්තරන් ග්රෑම් ගාන කියද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site