(ඉන්දිකා රාමනායක )
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ශීතාගාරයක තිබූ රුපියල් ලක්ෂ 6 ට ආසන්න ඉස්සෝ සහ දැල්ලෝ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය පවසයි.
සැකකරු විසින් ඉකුත් 21 දින රාත්‍රියේ එම ශීතාගාරයේ ඉස්සෝ පෙට්ටි 11ක් සහ, දැල්ලෝ පෙට්ටි 18 ක් සොරාගෙන ගොස් ඇති බවට පෑලියගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර. සැකකරු සොරාගන්නා ලද ඉස්සෝ සහ දැල්ලො පෙට්ටි තොගය යාබද තවත් ශීතකරණයක ගබඩා කොට තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය අඹගහවත්ත, ප්‍රදේශයේ පදිංචි(45) හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කම්කරුවකු වශයෙන් සේවය කරන බවත් පොලිසිය සඳහන් කරයි. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 6 ක ඉස්සෝ-දැල්ලෝ ඉස්සූ කම්කරුවා දැලේ