IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 26 ක රන් රාජසන්තකයි

රුපියල් විසිහය  ලක්ෂයක් වටිනා රන් කුට්ටි දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු යාපනයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

අත් අඩංගුවට ගනු ලැබූ රන් කුට්ටි දෙකෙහි බර ග්‍රෑම් 443 කි.

ඔහු  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 172 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න  මහතා විසින්  සැකකරුට රුපියල්  විසිපන්දහසක දඩයක් නියම කර එම රන් කුට්ටි දෙක රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න  මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ආර්.ඒ.ඒ සරත්චන්ද්‍ර, සහකාර රේගු අධිකාරීවරුන් වන  මංජුල ප්‍රසාද්, මධුෂංක විජේවර්ධන, ඒ ජලීල්, එන්.ඩී.ටී ප්‍රනාන්දු යන නිලධාරීහු සිදු කළහ.

 

 



අදහස් (0)

ලක්ෂ 26 ක රන් රාජසන්තකයි

සෙලාන්සියුස් Friday, 18 July 2014 03:29 AM

බඩුත් රාජසන්තකයි, දඩේකුත් වැදුනා ඒ මදිවට පස්ස පැත්තටත් අමාරුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site