රුපියල් ලක්ෂ පහලොවක් වටිනා හෙරොයින් පැකට් දෙකක් තම ඉකිළි වල අලවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර ගමන් බිමන් සිදු කර ඇති බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල වටිනාකම ග්‍රෑම් 216 කි. ඔහු මෙම හෙරොයින් පැකට් දෙකක් වන සේ සකස් කර ඉකිලි දෙකෙහි අලවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි.
රේගුව විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කාලයක් බන්ධනාගාරගතව සිටි බවත් එහිදී හඳුනාගත් පකිස්ථාන ජාතිකයෙක් මාර්ගයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා ඩුබායි ගිය බවයි.
ඔහු මීට දින තුනකට පෙර එනම් පසුගිය පස්වෙනිදා ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගොස් ඇති බව රේගුව විසින් කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.
ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරික්ෂා කරද්දී මේ බව දැන අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ශාන්ත පියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් ප්‍රේම ජයන්ත, විපුල ප්‍රනාන්දු, ඒ.කේ.ආර් සමන්ජිත් සහ එම්.එම්.එම් රිස්වි යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 15 ක කුඩු ඉකිළි දෙකේ අලවලා
සාමිනි සිරිවර්දන Monday, 08 September 2014 02:51 PM
ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)
සාමිනි සිරිවර්දන Monday, 08 September 2014 02:48 PM
ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)
හේවාවිතාරණ Tuesday, 09 September 2014 06:58 PM
බලධාරීන් වෙතටය ලංකාවටත් වෙන්නේ ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට වූ දේමය (ස)
නුවන් Monday, 08 September 2014 06:29 PM
කොහෙන් ගියත් පාකිස්තානයේ නම කුඩු වලට ගෑවෙනවා! (නි)
දයා අලහාකෝන් Tuesday, 09 September 2014 04:07 AM
ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? (නදී)
නස්ිජ Tuesday, 09 September 2014 06:28 AM
ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? එය දැන් කෝ. එය ගෙනාවේ කව්ද කියා එලිවුනේ නැහැ තවම (නදී)
පිටිගල Tuesday, 09 September 2014 08:10 AM
එ්කේ තිබුනේ පිටි. කුඩු කිව්වත් පිටි කිව්වත් දෙකම එක මයි. එ්ක දැන් ඉවරයි. ආයෙත් හාරා හාරා අවුස්සන්න එපා. (නදී)