සුජිත් හේවාජුලිගේ
පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.
මෙම ජාවාරමට සම්බන්ධ 28 හැවරිදි තරුණයකු මෙහිදී අත් අඩංගුවට ගන්නා ලදැයි කොළඹ සුරාබදු ස්ථානාධිපති චානක නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.
සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී යැයි නානායක්කාර මහතා කීය.
සැකකරු මෙම එක් මත් පෙත්තක් රුපියල් 8000කට අලෙවි කර තිබූ බවද හෙළිවී ඇත. මොහු හෙට (26) කොළඹ මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
164
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1582
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින්
Samantha Wednesday, 25 April 2018 12:52 PM
අත් අඩංගුවට අරගෙන විතරක් මදි මරණ දඬුවම දෙන්නත් ඕනේ... රට හදන්න නම් නීතිය නවලා හරියන්නේ නැහැ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ...
Mahee Wednesday, 25 April 2018 04:44 PM
මේ ඉන්නේ බෙදා හරින්නෙක්. සමහර විට සිල්ලර කඩ කාරයෙක්. තොග මුදලාලි, ආනයනකරු එහෙම මේ ආත්මෙදි හොයා ගන්න බැරුවට මෙන්න කැට.
අරුණ Thursday, 26 April 2018 12:30 AM
මොකද මේවට අගයක් දෙන්නෙ ලක්ෂ 15 කියල?
රවින් Thursday, 26 April 2018 12:33 AM
මේ අයට දෙන්න ඕනේ හොඳම දඬුවම තමා ළඟ තබාගෙන අහුවෙච්ච මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයම ඉතාම කෙටි කලක්තුල ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට සැලැස්වීම. එතකොට දහස් ගණනක් ටික ටික මරන්නේ නැතිව වෙළෙන්දා එකපාරටම මැරෙනවා.
lalithsjm Thursday, 26 April 2018 01:05 AM
පාලකයන් හොදට මතක තියාගන්න ඕන මේ විනාශ වෙන්නේ අපේ අනාගතය බව. ගෙන්වන්නන්ට විකුනන්ට අනුබල දෙන්නන්ට මරණ දඩුවම හිමි විය යුතුයි.
Chandima Thursday, 26 April 2018 01:39 AM
මේ මත්ද්‍රව්‍ය වැඩේ මෙහෙමේනම් ඉවර කරන්න වෙන්නේ නැහැ කවදාවත්.
කසුන් Thursday, 26 April 2018 05:44 AM
මට හරි කණගාටුයි පොඩි කාලේ ඉදන් මල් වගේ හදපු අපේ දරුවන් මෙවැනි සල්ලි වලට මුල් තැන දෙන සමාජයේ ගොදුරක් වීම ගැන. දැන්වත් පාලකයින් දැඩි නීති, දඩුවම් ගෙන ආ යුතුයි !!