රුපියල් දාහතර ලක්ෂ අසු පන්දහසක් වටිනා වටිනා රත්තරන් කැබැලි තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැලි වල බර ග්‍රෑම් 297 කි.
ඔහු ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ පහලොවක රන් පස්සෙන් එළියට ගනී
කුරේරා Sunday, 15 June 2014 03:46 PM
මෙච්චර ගොඩක් ගෙනගියේ කොහොමද? (නි)
මහේෂ් Sunday, 15 June 2014 04:27 PM
නිකන් ගමේ ගොඩේ කෙනෙක් කස්සිපු වලට ඇල්ලුවා නම් එයාගේ නම ගම උප්පැන්නේ පවා වාර්තා කරයි . මෙයාගේ නම ගම දාන්නේ නැත්තේ ඇයි? (ස)
ඉසුරන්දි Sunday, 15 June 2014 09:34 AM
අපරාදේ නිකන් ගුද මාර්ගය නහස්ති කරගත්ත එකයි උනේ.(දී)
රසික Sunday, 15 June 2014 12:01 PM
එ්කත් ආදායම් මාර්ගයක් වෙලා නේද අද ? (ස)