IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ නවයක සපත්තු උස්සලා

 (එස් හේරත්  )

සපත්තු නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් නව ලක්ෂ පනස් හතර දහස් හත්සිය පනහක් වටිනා  කාන්තා සපත්තු ජෝඩු 355ක් සොරකම් කළ පුද්ගලයෙකු  සපත්තු සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අවුරුදු හතළිස් නවයක් (49) වයසැති මාදම්පේ පැරණි නගරයේ පදිංචිකරුවෙකි. 

මෙම සොරකම සිදු  වී ඇත්තේ මාදම්පේ පැරණි නගරයේ කාන්තා පාවහන් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකය. 

රාත්‍රී කාලයේ කර්මාන්ත ශාලාවේ ජනේලයක් කඩා කර්මාන්ත ශාලාව තුළට ඇතුළු වී ඇති සැකකරු  සපත්තු තොගය සොරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මාදම්පේ පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු  තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ එම අංශයේ  පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින්  පරීක්ෂණයක් සිදුකර  සඟවා තිබූ සපත්තු තොගයද  සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

සොරාගන්න ගන්නා ලද සපත්තු තොගය  පසුව අලෙවි කිරීමේ අරමුණින්  මෙම සපත්තු තොගය  සඟවා තබන්නට ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද  සපත්තු තොගය සමග සැකකරු හලාවත  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ලක්ෂ නවයක සපත්තු උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site