IMG-LOGO

‘ලංකාවේ ළමයින් 3000කට තවම පාසල් නෑ‘

පාලිත තෙවරප්පෙරුමගේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සහගත බව යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ළමයින් ඇතුළු කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, තෙවරප්පෙරුමගේ සිද්ධිය වන අවස්ථාවේ බලා සිටි පොලිසිය දෙමාපියන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවත් ඔහු කීවේය.

ලංකාවේ පාසලක් නැති ළමයින් තුන් දහසක් සිටිනා බව ද ස්ටාලින් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ස්ටාලින් මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත වීඩියෝවෙන්.

IMG_0950

 



අදහස් (0)

‘ලංකාවේ ළමයින් 3000කට තවම පාසල් නෑ‘

අසෝකා Friday, 08 July 2016 09:17 PM

අනේ එතකොට ඔය ඡන්දෙන් පත්වෙන හැමෝගෙම ළමයි රෝයල් විශාඛා දාන එක සාධාරණද? ඇයි ඒ අයට තමන්ගේ ආසනයේ ඒ හා සමාන එක පාසලක්වත් හදන්න බැරි? මෙන්න මේ ක්‍රමය නතරකළා නම් ඔය කොයි ඇමැතියත්, මන්ත්‍රීත් තම අාසනේ පාසල් දියුණු කරාවි (නි)

:       0       0

කිතුල්ගොඩ Saturday, 09 July 2016 02:54 AM

මේ අයත් ගන්න පඩියට ළමයින්ට උගන්වනවද කියලා අහන්න ඔක්කොටම කලින් (නි)

:       0       0

රොකී Saturday, 09 July 2016 04:24 AM

ඒකනායක මහත්තයෝ, රටක නීතියක් තියනවා? නීතියේ හැටියට කටයුතු කෙරෙනවද? මේ වගේ ප්‍රශ්නවලදී නීතිය ක්‍රියාත්මක වෙනතුරු බල බලා හිටියොත් ළමයි ටික ඉස්කෝලයක් නැතුව ගෙදරටම නාකි වෙන තුරු ඉන්න වෙවී. මට මේ එක ප්‍රශ්නයක් එක ආයතනයකින් ඉෂ්ට කොර ගන්න බැරුව දැන් අවුරුදු පහක් ගත වෙලා. (ර)

:       0       0

ප්‍රසාද් පුර්ණමාල් Saturday, 09 July 2016 05:58 AM

හලාවත විදුහලක් ඉදිරිපිට සිටින ළමයෙකුට මාස 18 ක් තිස්සේ පාසැලක් නැහැ. (ර)

:       0       0

ජයරත්න Saturday, 09 July 2016 06:28 AM

නියෝජ්‍ය ඇමතිතුමා ක්‍රියාකල ආකාරය කෙසේ වෙතත් ළමුන් පාසැල් වලට ඇත්ලත් කිරීමේදී විශාල අසාධාරන කම් සිදුවනවා. එවන් අවස්ථාවලදී අසරන වන ළමුන් සහ දෙමාපියන් වෙනුවෙන් ඉදිරිපත්වීම ජනතා නියෝජිත්යන්ගේ යුතුකමක්. (ර)

:       0       0

සෙනරත් ජයකොඩි Saturday, 09 July 2016 08:40 AM

මම හිතන්නේ ගුරුවරුන්ටත් ඉලක්කයක් තිබිය යුතුයි. තමන්ගේ පංති වල ළමයින් ලබාගන්න ප්‍රතිශතයක් ඔවුන්ට තිබ්බොත් පාසල්වල තත්ත්වය මීට වඩා සතුටුදායක වේවි. (ර)

:       0       0

රොකී Friday, 08 July 2016 02:16 PM

ඇත්ත වශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළයුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව නොවේද? අසාධාරණයක් වුණ මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත්වීමට තෙවරප්පෙරුම වැනි දේශපාලකයන්වත් සිටීම සන්තෝෂයට කරුණකි. (නි)

:       0       0

සාලිය Friday, 08 July 2016 04:24 PM

මෙය සම්පූර්ණයෙන් ඇත්තක්. හොඳම දේ තමා හොර ලේඛන හදලා හරි ළමයි පාසල් වලට දාන එක. රටේ තත්වය මේක තමා. අපේ ළමයටත් පාසලක් ලැබුනේ නැහැ තාම (නි)

:       0       0

ටෙෂාන් Saturday, 09 July 2016 04:01 PM

කොහොමත් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න වලදී බලධාරීන් මරනින්දේ (නි)

:       0       0

සාලිය Saturday, 09 July 2016 04:01 PM

පාලිත තෙවරප්පෙරුම මහතා මේ සිද්ධිය නිසා ළමයින් අතර වීරයෙක් වුණා (නි)

:       0       0

ඒකනායක Friday, 08 July 2016 08:08 PM

මොනවාද මේ කියන්නේ? ඒ කියන්නේ අරයා කරපු දේ හරි? අනෙක් අයත් එහෙම කරන්න ඕනෑද? අනේ මහත්තයෝ තක්කඩිකම් වලට මැරකම් වලට උඩගෙඩි දෙන කතා කියන්න එපා. රටක නීතියක් තියෙනවා. මොන වැරැද්ද අඩුපාඩුව තිබුණත් ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයේ මන්ත්‍රීවරු,ඇමතිවරු පොලිසියට ,උසාවියට කැඳවා නීතිය ක්‍රියාත්මක කර සිරබාරයට ගන්නවා. ඒ පිළිබඳව ප්‍රණාමය පිරිනමනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site