(අංජුල මහික වීරරත්න)
සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අවධාරණය කළාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ද ජෝර්ජිවා මහත්මිය ජනාධිපතිවරයාට මෙහිදී සුබ පැතුම් පළ කළාය.
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ද ජෝර්ජිවා මහත්මිය ප්‍රශංසාව පළ කළාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලංකාව හදන්න දිගටම සහය දෙනවා