(අංජුල මහික වීරරත්න)
යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කරනු ලැබීය.
එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග නිකුත් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.
හෝර්ටන් තැන්නට පිවිසෙන පට්ටිපොල සිට සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ. මීට අමතරව කැබලිත්ත පුජාභුමිය ද සුරැකීමට අවශ්‍ය නීති ද සකසන ලෙස ද මෙහිදි දන්වා තිබේ.
මෙරට වන වැස්ම 35% ක් වැනි අඩු අගයක පැවතීම නිසා ඉදිරියේදි කරනා සියලු සංවර්ධන ව්‍යාපෘතිවල දී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානි වන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදි උපදෙස් දුන්නේය.
යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයින් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැක ගැනීමට අදාළ නව නීතීන්ද මෙම පනතට ඇතුළත් කරනා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල තවදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවෙි සියලු වනෝද්‍යාන ගැන ජනපතිගෙන් තද රෙගුලාසි
Ruhunu Saturday, 29 October 2022 01:22 AM
දැන් වැරදි කරපු අයට උපරිම දඬුවම් දීලා පෙන්නන්න පුළුවන්. මින් මතුවත් වෙන අයට ඒ වගේ වැරදි නොකරන්න.
යෝගා Saturday, 29 October 2022 09:47 AM
පුද්ගලික වාහන ඇතුල් නොකිරීම හොඳ වැඩක්. නමුත් සෆාරි ජීප්කාරයින් දැන් නරඹන්නන් මරාගෙන කන ගාස්තු අය කරයිද දන්නේ නෑ. ඒකටත් යම් පාලනයක් යොදන්න..
swene Saturday, 29 October 2022 11:16 AM
යාල හාපු අය සියලුම දෙනාට දැන් තිබෙන නීතියෙන් හෝ කළ හැකි උපරිම දඬුවම දෙන එකයි තියෙන්නේ. රාජ්‍ය දේපළවලට සහ සොබාදහමට ත්‍රස්තවාදී වැඩකළ ඒගොල්ලෝ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට ගන්න බැරිද?
CHINTHAKA Saturday, 29 October 2022 12:09 PM
ඉතාමත් හොඳ තීරණයක්..., හැබැයි යාල පිස්සු නටපු උන්මත්තකයින්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න...
AB Saturday, 29 October 2022 05:43 PM
ලංකාවේ සියලු වනෝද්‍යාන, (සමස්ත පරිසරය සහ නීතිය) ආරක්ෂා කිරීම් පිළිබඳ, කුඩාකල සිටම පාසල් අධ්‍යාපනයට ඇතුළත් කල යුතු කාලය පැමිණ තිබේ..