
(අංජුල මහික වීරරත්න)
වැඩි දියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථීක ප්‍රතිසාධනය පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, යුරෝපා සංගමය සමඟ එක් ව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් වල ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ඇත.
හායනය වූ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඉලක්ක ගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ඉහළ වටිනාකමක් සහිත ජෛව විවිධත්ව ස්ථාන ආරක්ෂා කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි.
තවද, තෝරාගත් පළාත් පාලන කොට්ඨාස වල තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.
අදාළ ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ යුරෝ මිලියන 8ක ප්‍රදානයක් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රදානය ලබා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රදාන ගිවිසුමට යුරෝපා සංගමය සමඟ අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාවේ ව්‍යාපෘතියකට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8ක්