IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවෙි ලොකුම පොහොර කම්හල විවෘත කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

වර්ග අඩි 40,000කින් යුත්, නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදනාගාර වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවෙි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරිණි.

මෙහි වාර්ෂික ජෛව පොහොර ලීටර් මිලියනයක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්ත බවත් මූලික අධ්‍යයන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම කර්මාන්තශාලාවෙි බයෝ ෆිල්ම් ජෛව රසායන පොහොර නිපදවන අතර, ඒවා 100%ක්ම ස්වභාවික, පරිසර හිතකාමී ජෛව පොහොර බවත් අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (14)

ලංකාවෙි ලොකුම පොහොර කම්හල විවෘත කරයි

kamal Tuesday, 24 January 2023 01:53 PM

නියමයි, අපට ඕනේ, දිගම, ලොකුම, විසාලතම, නවීනතම ඒවයි. පොර දාලා බැලුවහම තමයි ඉතුරු ටික.

:       9       28

sisiraTuesday, 24 January 2023 05:57 PM

වී වගාවට කැට පොහොර මිස දියර පොහොර සුදුසු නැත. එමෙන්ම වෙනත් එළවලු සහ පලතුරු වගාවන් සදහාද කැට පොහොර මිස දියර පොහොර සුදුසු නොවේ. කැට පොහොර ක්‍රමයෙන් දියවී පසට සහ ගසට උරා ගනී නමුත් දියර පොහොර එසේ නොවේ. දියර පොහොර කොපමණ ප්‍රමාණයක් යෙදුවද එය ජලය සමග මිශ්‍රවේ. දියර පොහොර නිවසක කුඩා මල් වගාවන් හෝ එළවලු වගාවන් සදහා සුදුසු උවත් වී වගාව සහ එළවලු පලතුරු වගාවන් සදහා යෙදවීමෙන් නිසි ප්‍රතිපල / අස්වනු ලබාගත නොහැක. ගොවීනට දියර පොහොර ලබාදීමෙන් පසු ප්‍රතිපල කෙසේද කියා ගොවින් හෙළි කරනු ඇත.

:       1       1

W.V. Pathirathne Tuesday, 24 January 2023 02:19 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම බයෝ පොහොරවල ගුනාත්මකබව තහවුරු කරලද ?

:       8       23

APereraTuesday, 24 January 2023 02:50 PM

නෑ.නෑ. ඕන නැහැ. අමරවීර කියනවනම් තත්වය ඉතා හොඳයි.

:       5       7

siril Tuesday, 24 January 2023 02:44 PM

මේකත් අර පවුලෙ එකක්ද?

:       8       12

Pavithra Tuesday, 24 January 2023 03:10 PM

පොහොර පිලිබඳ විශේෂ දැනුමක් තියන කෙනෙක් ඔය අමාරුවෙන් ලේබලය කියවන්නේ

:       3       8

Ruhunu Tuesday, 24 January 2023 03:12 PM

ඕවා ටිකක් බිවුවානම් ඇමතිතුමාගේ මොලේ වැඩෙන්න

:       4       7

මහසෙන් Tuesday, 24 January 2023 03:39 PM

ඉහඉහළම තාක්ෂණය භාවිතා කරලා මේ පෝර හදන්නේ කොල පාට ගොයම් වලට දාපු ගමන් ගොයම් කහ පාට වෙනවා බය නැතිව දාන්න

:       4       10

jaya Tuesday, 24 January 2023 04:36 PM

මාරයි නේ. ලංකාවේ පොහොර අවශ්‍යතාවය ටොන් ලක්ෂ 8-10ක් විතර. මේ අති විශාල කර්මාන්තශාලාවේ ටොන් දාහක් හදනවලු නේද ?

:       3       0

Sunanda Karagaswewa Tuesday, 24 January 2023 05:38 PM

Excellent concept. It's helping all sections and save money from FAKE Producers.

:       0       4

උපාලි Tuesday, 24 January 2023 05:59 PM

ධනාත්මකව දකිමු. ජයෙන් ජයවේවා ව්‍යාපාරයට.!!!!!!!!!!!

:       1       4

චම්පා සෙනෙවිරත්න Tuesday, 24 January 2023 06:03 PM

ඉතා අගනා කාර්යයකි ශ්‍රී ලාංකිකයෙකු ලෙස තම රටට ඉටුවිය යුතු මෙහෙය එම සොයාගැනීම කළ විද්‍යාඥයන්ට හා එය ක්‍රියාවට නැන්වු හා මුදල් වියදම් කර එම කර්මාන්තශාලාව විශාල පරිශ්‍රමයන් දැරෑ කොම්පැණියට මගේ ප්‍රණාමය.

:       0       1

Dasa P Tuesday, 24 January 2023 07:15 PM

මේවට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්ද? දන්නේ නැති නිසා අහන්නේ.

:       0       0

Chandrika Wednesday, 25 January 2023 11:44 AM

මොලේ පෑදුනේ චන්දේ ළග නිසාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site