IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාව යළි ප්‍රමුඛ කෘෂි අපනයනකරුවෙක් කරනවා

(අංජුල මහික වීරරත්න)

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි. 

 



අදහස් (6)

ලංකාව යළි ප්‍රමුඛ කෘෂි අපනයනකරුවෙක් කරනවා

Deepthi Tuesday, 20 February 2024 11:45 PM

තමුන්නැහේ මෙච්චර කලක් කෘෂිකර්මයට කරපු හැටි අපි දැකලා නැතිවයැ...!

:       1       1

chandima Wednesday, 21 February 2024 05:53 AM

අපනයන වැඩක්නේ? එහෙනම් ආණ්ඩුව පෙරළන්න කළින් ලෝකය වටේ තව රවුම් කිහිපයක් යන්න පුළුවන් නේද?

:       1       1

Perera Wednesday, 21 February 2024 06:32 AM

ඔක්කොම අනාගතේ කරන දේවල් ගැන තමයි කියන්නේ. දැනට කරපු ඵලකට ඇති එක දෙයක්වත් නෑ...

:       1       1

Pradeep Kumara Wednesday, 21 February 2024 08:36 AM

කෘෂි බෝග අපනයනය කරන්න කලින් දේශීය පරිභෝජනයට අවශ්‍ය ටිකවත් නිපදවා ගමු මුලින්ම. අල, ළුෑණු, හාල් වගේ අපේ රටේ පහසුවෙන් වගා කරන්න පුළුවන් දේවලුත් තවම ආනයනය කරනවා නම් ඒ රටේ ආර්ථිකය සහ පාලකයින්ගේ තත්වය මොනවට පැහැදිලියි. මහින්දානන්ද අලුත්ගමගේ වහසිබස් දෙඩෙව්වා තමන් කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නතුරු හාල් ආනයනය කරන්නේ නෑ කියලා, නමුත් අන්තිමට වුනේ මොකක්ද? කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව තවමත් ඉන්නවා. ඉතිං අපි විසිල් විතරක් ගහලා නිකං ඉන්නේ නැතුව බල්ටිත් ගහමු.

:       0       1

බී අමරසිංහ Wednesday, 21 February 2024 12:33 PM

සභාවේ සිනා!

:       1       1

පිටරටවැසියා Wednesday, 21 February 2024 02:56 PM

හරි, අපි මත්තලින් පටන් ගමු..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site