IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට  ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.

යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක විශ්‍රාම නොගනී. ඔහුගේ තත්ත්වය කැබිනට් ඇමැති තනතුර හා සමතැන් ගනී.

උත්සව අවස්ථාවනදි ඔහු සෙන්ටි මීටර් 49.5 ක් දිගැති යෂ්ටිය වම් අතෙහි දරා සිටිනු ඇත. ෆීල්ඩ් මාෂල් තනතුරට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.

යුද නාවික හා ගුවන් හමුදා සම්මාන මුරයකින් පසු තරු 5 ගැසූ රියකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නික්ම ගියේය.

තිස් අවුරුදු යුද්ධයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය දුන් බවත් ජනරාල් සරත් ෆොන්සේකා යුදමය නායකත්වය දුන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ෆොන්සේකා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක යෙදුණු බව කියමින් යුද හමුදා අධිකරණය හමුවට පත් කෙරිණි. සිර ගෙදරට යැවීය. ඔහුගේ විශ්‍රාම වැටුපද වෙනත් වරප්‍රසාද සියල්ලද අහිමි කළේය.

නව රජය පත්වීමෙන් පසු ඔහුට පූර්ණ සමාව දී අහිමි කළ විශ්‍රාම වැටුපද හමුදා තනතුරුද යළි පිරිනැමීය.

_H1_0469 _H1_0506 _H1_04893

_H1_0169 _H1_0213 _H1_0220 _H1_0279 _H1_0359

web-1_H1_0382

web2_H1_0464 _H1_0547 _H1_0580 _H1_0599 _H1_0655 _H1_0680 DSC_4221 DSC_4248 DSC_4263 DSC_4329 DSC_4374 DSC_4434

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා

රන්ජිත් Tuesday, 24 March 2015 09:45 PM

පිවිතුරු යහපාල, ඔබ බන්දුල පෙරේරා කියන චරිතයේ කොපියක්වද්ද...? ඔබගේ හිතට එන දේවල් ලියන්න එපා. බුද්ධියෙන් ස්පර්ශකර යමක් ලියන්න. (නි)

:       0       0

බලපිටිය Sunday, 22 March 2015 05:02 PM

ඇත්තෙන්ම මෙය ඔහුට ලැබෙන්න තිබුණු දෙයක් (නි)

:       0       0

ප්‍රබෝධිනි ජයවීර Monday, 23 March 2015 07:48 AM

හොදයි. (ත)

:       0       0

වසන්ත Sunday, 22 March 2015 08:02 PM

ෆීල්ඩ් මාෂල්තුමනි, පළමුව සුබ පතමි! රට යනවිදිය හරි නැහැ. දැහැමින් රට පාලනය කර පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතමු (නි)

:       0       0

විභූති Sunday, 22 March 2015 11:51 AM

ඔබට තුණුරුවන්ගේම සරණයි! සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ප්‍රමෝද Sunday, 22 March 2015 12:13 PM

සුදුසු කෙනෙකුට සුදුසු තනතුරක් ලැබුනා. සන්තෝෂයි...!!! (නි)

:       0       0

නඳුන් Sunday, 22 March 2015 12:42 PM

නියමයි! (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 23 March 2015 04:54 AM

පොන්සේකා මහත්තයට එදා ඉදල තිබුණු ආසාව තමයි ඕක..දැන් හොඳ වේවි..කොහොම උනත් මේ ආණ්ඩුවත් ජනපතිත් පුද්ගලයාව මැනවින් අදුනගෙන තියෙනවා..දේශපාලනිකව බලපෑම් කළහැකි ආරක්ෂාව සම්බන්ධ තනතුරු නොදී විසදුම් දීල පුද්ගලයා සතුටු කිරීම..දේශපාලනයේ තෙම්පරාදු වුනු රනිල් මහත්තය සර්පයෝ අදුනන්නේ නැත්නම් ඉතින් වෙන කවුරු අදුනන්නද? කොහොම උනත් යුද්ධයේ යම් කාර්යබාරයක් කරලා මුළු යුද්දෙටම හොර ඔප්පු හදන්න ගිය මෙතුමාට, සුදු කොඩි කතාවෙන් යුද්ධයේ ජයග්‍රහණය පාවල දීපු මෙතුමාට ඒ නිසා නීතියෙන් දඩුවම් ලද මෙතුමාට මෙහෙම තනතුරක් පිරිනැමීම යුද්ධාධිකරණයත් සාමාන්‍ය අධිකරණයත් සියල්ල අවතක්සේරු කර රටේ නිතිය දේශපාලනික උවමනවනට හැල්ලු කරවීමක්....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site