(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකා ආර්ථිකය පහෙන් එකකින් සංකෝචනය වෙමින් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙය ඉතා භයානක තත්ත්වයක් යැයිද මෙි නිසා නව දුප්පතුන් පිරිසක් බිහි වෙමින් තිබෙනවා බවද කීය.
අද ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් තිබෙන අතර ඉන්ධන පරිභෝජනය සියයට 20-24කින් අඩු කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.විරැකියාව ඉතා බරපතළ ලෙස මතු වී තිබෙන අතර තවමත් එහි නිල සංඛ්‍යා ලේඛනයක් නැතැයි චම්පික රණවක මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹුණ මාණ්ඩලික ගිවිසුම හෙළිදරව් කරන ලෙස පැවසුවත් ඊට විවිධ නීති තර්ක ඉදිරිපත් කර ඇතැයි කී චම්පික රණවක මහතා එමෙන්ම එය ඉතා සංවේදී කාරණයක් බව මතක් කළ යුතු බවද සඳහන් කළේය.
සේවක අර්ථසාධක අරමුදල් මුදල් රජය ණය ලෙස ලබාගෙන එය කාබාසිනියා කර තිබෙන බවත් මෙහෙම ගියොත් සේවක අර්ථසාධක අරමුදල බිඳ වැටෙනු ඇති බවත් රණවක මහතා කීය.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවෙි නව දුප්පතුන් පිරිසක් බිහිවෙලා
KAUTILLYA Tuesday, 20 September 2022 06:25 PM
අනේ මන්ත්‍රීතුමා ප්‍රශ්න විතරක් වමාරල වැඩක් තියෙයිද? ඒ වට ගැලපෙන, සුදුසු විසදුමි තමුන්නාන්සේගෙ චිත්ත සන්තානේ සටහන් වෙලා ඇතිනේ, ඒවා එළියට දැමිම නං අමිල වටිනා කමක් ලැබෙයි නෙ.
වීරවිජේ Wednesday, 21 September 2022 10:24 AM
බිහිවෙලා?? ඔහෙල එකතු වෙලා බිහිකරල නෙ..
dhamneth Wednesday, 21 September 2022 11:01 AM
මෙ අපෙ රටෙ ජනතවගෙ ඉල්ලන් කෑමක්.