වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ තවදුරටත් හුදකළා නොකළ යුතු යැයි ද, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට තව තවත් අවධානය යොමු කළ යුතුයැයි ද, මෙවර අයවැයෙන් ඒ ගැන අවධානය යොමු කර ඇතැයි ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
කෙයාර් ජාත්‍යන්තරය සහ සමාජ සංවර්ධන ආයතනය මගින් ආරම්භ කර ඇති ‘ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාව උදෙසා සේවා පහසුකරණය කිරීමේ‘ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හා එයින් ලද අත්දැකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් ප්‍රධානී ඩේවිඩ් ඩෙලී, කෙයාර් ජාත්‍යන්තරයේ ආසියා කලාපීය අධ්‍යක්ෂ නවරාජ් යාලි, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ , මහාචාර්ය ටියුඩර් සිල්වා, සංවර්ධනය වන රටවල කාන්තා විමුක්ති පුරෝගාමිණියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන, ආචාර්ය ලලිත් වෙලමැදගේ මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ රැසක් මේ වැඩසටහනට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ වතු ජනතාවගේ අවශ්‍යතා හා ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් කෙයාර් ජාත්‍යන්තරය සහ සමාජ සංවර්ධන ආයතනය මගින් කළ පර්යේෂණ සම්බන්ධයෙන් මහාචාර්ය ටියුඩර් සිල්වා සහ ආචාර්ය කුමාරි ජයවර්ධන ඇතුළු පිරිසක් ඇදහස් දැක්වූ අතර ඉන් පසු පැමිණ සිටි වතු සංගම් නියෝජිතයන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ අදහස් විමසමින් වතු ජනතාවට ලැබෙන පහසුකම් ගැන සාකච්ඡා කළහ.
ආචාර්ය කුමාරි ජයවර්ධන -
‘බොහෝ දෙනකු කියනවා සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරද්දී මේ ජනතාවගේ නියම තත්ත්වය ඇතුළු නොකරන බව. සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරද්දී හොඳ ඉස්සරහට දානවා. නරක පස්සට දානවා.
ලංකාවේ වතුකරයට ඉන්දියාවෙන් ජනතාව ගෙන්නුවා. අප්‍රිකාවෙන් වහලුන් ගෙන ආවා හා සමානයි. 1947 වන විට ඔවුන්ගේ නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත් කරලයි තිබුණේ. නමුත් නිදහසෙන් පස්සේ 1948 ඡන්ද අයිතියත් ඔවුන්ට නැති වුණා. වතුකරයට ආහාර ලබා ගැනීමේ මාර්ග තිබුණේ නෑ. එය අහිතකර ලෙස මේ ජනතාවට බලපෑවා. ඔවුන් තවදුරටත් වහළුන් නොවෙයි. ඔවුන්ගේ පහසුකම් වැඩි කළ යුතුයි.‘
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ලංකාව නරක සංඛ්‍යා ලේඛන හංගනවා‘
සතයයා Wednesday, 19 November 2014 01:38 AM
සමසමාජ කාරයෝ වතු කම්කරුවොත් එක්ක එකතු වෙලා නවසිය හතලිස් ගණන් වල විප්ලව කරන්න හිතුවා නම් උතුරු මැද දුක් විඳින දේශයට පාරම්පරික අයිතියක් තියෙන හේන් ගොවියන් ගැන එක කඳුලක් හෙළන්න මේ වීරයින් ඉදිරි පත් වේද? (නදී)
සිසිර Tuesday, 18 November 2014 06:38 PM
මිතුරන් අතරේ පමණයි (නදී)