(අංජුල මහික වීරරත්න)
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇමරිකානු ආධාර වැඩසටහන එකඟතාවය පළ කර තිබේ.
මෑත කාලයේ විශ්‍රාම ලැබූ නීති කෙටුම්පත් සම්පාදකයින්ට සහ නීති පරිවර්තකයන්ට ලෝක බැංකුව සහ ඇමරිකා ආධාර වැඩසටහනින් වැටුප් හා දීමනා ගෙවා ඔවුන් සේවයට බඳවා ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකා ආධාර වැඩසටහනේ (USAID) නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළවී ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේ මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සාම්පාදකයින්ගේ හා නීති පරිවර්තකයින්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී තිබේ.
නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නිතී සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට අදාල පුරප්පාඩු බාධාවක් බව සාකච්ඡා විය.
ඉතා ඉක්මනින් මෙම කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාල ආයතන දෙකේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ නීති පිළවෙලක් කරන්න ලෝක ආයතන දෙකක් බරට වැඩ
Chandima Saturday, 17 February 2024 06:13 AM
ලෝක බැංකුවෙන් කිව්වද නාකි පප්පලා දාලා දිගටම ඉන්න පුළුවන් විදිහට නීති වෙනස් කරලා දෙන්නම් කියලා...!
camila Saturday, 17 February 2024 09:36 AM
මොන කෙටුම්පතද මේ යන්නේ බඩු පැක් කරන ගමන්...!