IMG-LOGO

ලංකාව දකුණු අප්‍රිකාවෙන් ඉගෙන ගන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

“සත්‍ය සහ සංහිදියා කාර්යාලය” යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත.

සත්‍ය හා සංහිදියා කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී   ජනපති රම්පෝසා මහතා වෙත දැනුම් දී තිබේ. සත්‍ය හා සංහිදියා කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බවද ජනපති සිරිල් රම්පෝසා මහතා මෙහිදී පවසා ඇත.

ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිදියාවක් ඇති කර ගැනීමට සත්‍ය හා සංහිදියා කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව 2015 යහපාලන රජය සමයේ ඉදිරිපත් කරන ලද්දේ එවක අගමැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. දකුණු අප්‍රිකාව කලු සුදු බේදය අවසන් කළ ආකාරයට මෙරට ප්‍රජාවන් අතර සංහිදියාව ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වේ.

සත්‍ය හා සංහිදියා කාර්යලයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාව පැවැත්වුනේ ඉකුත් බ්‍රහස්පතින්දා කටුනායක ගුවන් හමුදා අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දීය. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජී. 20 සමුළුව අවසන් කොට නැවත සිය රට බලා යද්දී කෙටි විවේකයක් ගැනීමට මෙරටට පැමිණියේය.



අදහස් (5)

ලංකාව දකුණු අප්‍රිකාවෙන් ඉගෙන ගන්න යයි

ලුම්බිණි Saturday, 19 November 2022 06:54 AM

දකුණු අප්‍රිකාවෙන් අපට ඉගෙන ගැනීමට කිසිවක් නැත. එකම වාසිය එහේ යන නියෝජිත කණ්ඩායමට විනෝදයක් ලබා ගැනීමට හැකිය.

:       8       24

Bunny Preena Saturday, 19 November 2022 10:32 AM

ඉගෙන ගැනිල්ල කෙසේ වෙතත් හෙංචයියන්ට පවුල් පිටින් රට සවාරි යන්න හොඳ චාන්ස් එකක් හදා ගනීවි.

:       8       19

de silva Saturday, 19 November 2022 11:06 AM

ඕක ඉගෙන ගන්න ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ. අපේ රටේ ආදිවාසි නායකයන්ගෙන් ඇහුවනම් එතුමා කියලාදේවි. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට වඩා දැනුමක් සංවර බවක් අපේ ආදිවාසි නායකතුමාට තිබෙනවා.

:       4       54

Lal Saturday, 19 November 2022 11:38 AM

This is a very good move

:       18       3

de silva Saturday, 19 November 2022 07:43 PM

ඉගෙන ගන්න කියලා යන පුද්ගලයෝ එහෙ ගිහින් ප්‍රශ්න ඇතිකරාම ඔවුන්ව බේරා ගන්න ඩොලර් ලක්ෂ ගණනින් ඇප සහ දඩමුදල් ගෙවන්න වේවිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site