IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාව තමිල්නාඩු ධීවරයන් බේරා ගනියි

තලේමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු බේරාගත් බව නාවික හමුදාව කියයි.

එම යාත්‍රාවේ ධීවරයින් තිදෙනා තලේමන්නාරම නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා කීය.

මෙලෙස බේරාගෙන ඇත්තේ රාමේෂ්වරම් හි පදිංචි ධීවරයින් තිදෙනෙක් වන බවත් ඔවුන් වයස අවුරුදු 50, 53, 56 යන වයස්වල පදිංචිකරුවන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය අනලතිවු දූපත ආසන්නයේ දී ඉන්දීය ධීවරයින් 9 දෙනකු සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් මීට දින කිහිපයකට ඉහතදී බේරාගත් බව නාවික හමුදාව කියයි.



අදහස් (0)

ලංකාව තමිල්නාඩු ධීවරයන් බේරා ගනියි

ශාන්ත Monday, 28 September 2015 02:57 PM

මොකක්ද බේරා ගන්නවා කියන එකේ අරුත? අත්අඩංගුවට ගන්නවා කියන එකමද? එයාලා අසරණව සිටියාද? නීති විරෝධීව කටයුතු කළාද? (බ)

:       0       0

නොයෙල් Monday, 28 September 2015 06:07 PM

හැබැයි මෙයාලට කෙළෙහිගුණ නම් කොහොමටවත් නැහැ (නි)

:       0       0

නිලංග Tuesday, 29 September 2015 12:30 AM

ශාන්ත, බේරා‍ගත්තා කිව්වෙ මේ අය හිටියෙ ගිලෙමින් තිබුනු බෝට්ටුවක. අන්න ඒකේ ඉඳලා තමයි බේරාගත්තේ. වෙනත් අදහසක් දෙන්න උත්සාහ කරන්න එපා. ලෝකයේ විශිෂ්ඨතම මානුෂීය හමුදාව ඉන්න රටක් මේක (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 29 September 2015 05:57 AM

ඉස්සර ඉන්දියාවේ ධීවරයෝ ඇල්ලුවම අත්තඩන්ගුවට ගන්නවා..දැන් ඇල්ලුවාම බේර ගන්නවා..කොහොමද වෙනස..ඔහොම යමු..පාලම හදනකම්..(ම)

:       0       0

හැරිස් Monday, 28 September 2015 02:13 PM

අපේ නාවික හමුදාව තාමත් මේ මාතෘභූමිය අාරක්ෂා කරනවා ඒගැන ආඩම්බර වෙන්න පුළුවන් ...මේ ලංකාද්වීපය මත තථාගත බුදුදහම තියෙන තාක් මේ රටට බාහිර බලපෑම් වෙන්න දෙන්න බැහැ...ඒ නිර්මල දහම තියෙන්නේ මේ පුංචි රටේ විතරයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site