IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සමඟ කඩිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර හිමියන් කණ්ඩායම ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට නැවත ඇතුළු වීමට හැකියාව ලබා දීමට උදව් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සැලැසුම් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යක්ෂමව සහ කඩිනමින් කටයුතු කිරීමට බැඳුම්කර හිමියන් කණ්ඩායම සුදානම් එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ ඇඩ් හොක් කණ්ඩායම ලෙස හඳුන්වාගන්නා කණ්ඩායම විසින් මෙරට දේශීය ණය, ණය තිරසරභාවය නැවත ඇතිවන අකාරයෙන් සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා වන ආකාරයෙන් නිශ්චිත කාලයක් තුළ නැවත සකස් කිරීමක් බලාපොරොත්තු වන බව එම ලිපියේ දැක්වේ.



අදහස් (0)

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site