
(අංජුල මහික වීරරත්න)
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර බීජිං නුවරදී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹිණ.
“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මුල් ගල් තැබිණි.
නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ගිය බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව චීනයේ පන්සලක් හදයි
Pradeep Kumara Friday, 20 October 2023 04:55 PM
අපි චීනෙන් ණයට සල්ලි අරන් ඔවුන් ලවාම අපේ රටේ ඉදිකිරීම් කරගන්න අතර අපේ ජනපති අපේ සල්ලි වලින් චීනේ පංසල් හදනවා. අනේ සාදු..
PereraSaturday, 21 October 2023 01:53 AM
ඒකනේ ප්‍රදීප් ලංකාව සරුසාරවෙලා, දියුණුවෙලා තියෙන්නේ...
chandani Friday, 20 October 2023 07:59 PM
පිස්සෝ රැලක්.රටේ මිනිස්සු 80% කන්න නැතිව දුක් විඳිනවා ,මුන් පන්සල් හදනවා චිනේ.
Nandalal DE SILVA Saturday, 21 October 2023 01:39 PM
චීන ආධාර යටතේද මේ විහාරය ඉදි කෙරෙන්නේ ?පින් සිද්ධ වෙන වැඩක් .ජනාධිපති රනිල් මැතිතුමාට ගොඩක් පින්
Bamunuarachchi Saturday, 21 October 2023 05:25 PM
චීනේ පන්සල් හදන්න කලින් උතුරේ නැගෙනහිර පළාත් වල තිබෙන පන්සල් ටික දෙමළුන්, හම්බයින්ගෙන් බේරා දෙන්න.
Rata Perata Saturday, 21 October 2023 06:00 PM
ළඟදීම එන ප්‍රවෘත්තිය තමයි... ලංකාව චීනයේ කොටසක් වෙයි... ජයවේවා...!