IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ ගොවීගෙන් 80%ක් 50 පැනපු අය

(අංජුල මහික වීරරත්න)

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනට මාස දෙකක් ඇතුලත රුපියල් මිලියන 2200ක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ සෙවනගල නුගේගලයාය ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම අද (18) අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, හදබිම අධිකාරිය, හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති විවිධ ජනතා ප්‍රතිලාභී වැඩ සටහන් සඳහා මේ මුදල් වැය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයේ සිටින ගොවි ජනතාවගෙන් සියයට 80කටත් වඩා වයස අවුරුදු 50 ඉක්මවු අය බවත් තරුණ ප්‍රජාව සිටිනුයේ සියයට 20ක් පමණ ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා කීය. කෘෂිකර්මාන්තය යනු දියුණු විය හැකි වෘත්තියක් යැයි වර්තමානයේ තරුණයින්ට විශ්වාසයක් නැතැයි කීය අමාත්‍යවරයා ඒ නිසා ඔවුන් කෘෂිකර්මාන්තය වෙනුවට රජයේ රැකියා සොයා යන ප්‍රවණතාවයක් තිබෙන බව සඳහන් කළේය.

 



අදහස් (0)

ලංකාවේ ගොවීගෙන් 80%ක් 50 පැනපු අය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site