(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Latter-day saint charities සමාගම අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සුෂුම්නාව තුවාල වූ පුද්ගලයන් සඳහා විශේෂ වූ රෝද පුටු සපයා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අදාල සංවිධානය අතර එළැඹ ඇති ගිවිසුමේ විධිවිධාන පරිදි මේ වන විට රෝද පුටු සහ වෙනත් සංචලන ආධාර තොගයක් පරිත්‍යාග වශයෙන් ලංකාවට ලැබී ඇතැයි රජය පවසයි.
පසුගිය කාලයේ මුහුණ දුන් උග්‍ර පිළිකා ඖෂධ හිඟය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත එකී ඖෂධ වර්ග 13ක තොගයක්ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැකයුම්කරුවන් හරහා පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලබාදීමට අදාල සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව පිළිගත් පටිපාටිය අනුගමනය කරමින් අදාල පරිත්‍යාගය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ගැන ඇමෙරිකා සංවිධානයක හිත උණු වෙයි
පාඨකයෙක් Thursday, 25 January 2024 10:45 AM
පුවතේ සඳහන් සමාගම, ඇමරිකා එක්සත් ජනපදයේ 19 වන සියවසේ බිහිවුණු ක්‍රිස්තියානි නිකායක එක් අංශයකි. එම පල්ලියේ නිල නාමය Church of Jesus Christ of Latter-day Saints වන අතර, පොදු ව්‍යවහාරයේදී එම පල්ලියේ සාමාජිකයන් Mormons ලෙස හැඳින්වේ. ඔවුන් බයිබලයට අමතරව ඔවුන්ගේ නිකායට ආවේනික ග්‍රන්ථයක් ද ආගමික ඇදහීම් සඳහා භාවිතා කරති. ශ්‍රී ලංකාවේ ද මොවුන්ගේ ආගමික ස්ථාන කිහිපයක් තිබෙන අතර, දැනට ලොව වැඩි ම ධනයක් සතු පල්ලිය ලෙස හැඳින්වේ. එම සංවිධානයේ මූල්‍යම කටයුතු පිළිබඳව The Sydney Morning Herald පුවත්පතේ 2022/10/29 වන දින පළ වූ ලිපියක් අන්තර්ජාලයේ ඇත.
Kumar Thursday, 25 January 2024 09:20 PM
මෙම ක්‍රිස්තියානි නිකාය දුගී අයට මුදල්දී එම නිකායට හරවා ගන්නවා. හවායි දූපත්වල මෙම ආකාරයට මුහුදුබඩ ඉඩම් අල්ලා ගත්තා...!