
(අංජුල මහික වීරරත්න)
“ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර දී සහභාගී විය.
මෙම වට මේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීහු මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වුණු “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවරයන් පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ගැන ඇමරිකාවේ දී වට මේස සාකච්ඡාවක්
Aravinda Monarawila Tuesday, 19 September 2023 01:20 PM
දැන් ආයෝජකයෝ එයි පොරකාලා මෙහෙ ආයෝජනය කරන්න.ප්‍රාදේශීය මන්ත්‍රීගේ ඉඳලා මහ එකාට වෙන තුරු කප්පම් දීලා.අපරාදේ රටේ සල්ලි මේවට නාස්ති කරන එක.කරන්න වැඩක් නැතිව රස්තියාදු වෙවී හිටිය එකාට නම් මේවා හොඳයි ලෝකේ වටේ රවුම් ගහන්න
ලප කුමාර අනුර Tuesday, 19 September 2023 04:12 PM
අරගලය ට ඇමෙරිකාව වියදම් කරපු මුදල් ආපසු ගන්න සහ ලන්කාවෙ අයිතිය ඔවුනට ගන්න කරන සාකච්ඡා තමා . රනිලුත් ලෑස්ති වෙලා ඉන්නෙ දීලා දමන්න
ajith Tuesday, 19 September 2023 06:46 PM
සමහර රටවල professional ඇමතිවරු සාමාන්‍යයෙන් ඔහු විසින්ම මමත් එතන ඉන්නවා කියා පෙන්වන්න උත්සහ කරන්නේ නෑ . කැමරාවට පෙන්න එක්කෝ ඇගිල්ල දික්කරනවා, එක්කෝ නැගිටිනවා / හිටගන්නවා නැවත කැමරාව දිහත් බලනවා