IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවේ උපන් මිනිහා උඩදි කොළේ ඉරාගනී

ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුලදී  බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට මෙරට උපත ලද  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු  හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ  උපන් අයෙකි.  ඔහු කුඩා කළ   බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇත.  බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද ආහාර පාන සැපයුම් ආයතනයක කම්කරුවෙක් බව  කියන සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ අවමගුලකට බව පොලිසියට පවසා ඇත.

ලිංගික අපයෝජනයට පත් වු  බව කියන බ්‍රිතාන්‍ය තරුණිය 27 හැවිරිදිය. ඇය ඇයගේ පෙම්වතා සමග සති තුනක නිමාඩුවක් ගත කිරීම සඳහා  මෙරටට පැමිණ ඇත. දෙදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුය.

ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 504 දරණ ගුවන් යානයෙන් ඊයේ සවස 3.10 ට පමණ මෙරටට පැමිණ ඇත.

ගුවන්යානයේදී දෙදෙනාටම නින්දගොස් ඇති බවත් එම අතරවාරයේ සැකකරු ඔහුගේ ආසනය ඇය දෙසට හරවා ඇයගේ දෙකකුල් ස්පර්ශ කරමින් ලිංගික අපයෝජනයක් කළ බව ඇය පොලිසියට පැමිණි කර ඇත.

සැකකරු  මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 මේ පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ඡන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් පිට කටුනායක පොලිසියේ පොලිස් නිළධාරීහු සිදුකරති.

 



අදහස් (0)

ලංකාවේ උපන් මිනිහා උඩදි කොළේ ඉරාගනී

පිටිගල මිලානෝ Wednesday, 19 November 2014 08:33 AM

මෙයා සැහෙන කාලයක් ලංකාවේ බස් වල හිටගෙන ගිය කෙනෙක් වෙන්න ඇති. (හේ)

:       0       0

රවිඳු Wednesday, 19 November 2014 08:42 AM

බ්‍රිතානයේ නෙමේ ලෝකේ කොහේ පුරවැසිකම ගත්තත්, ජන්ම ගතිය අරින්න බැහැනේ..(හේ)

:       0       0

හර්ෂණී Thursday, 20 November 2014 01:25 AM

කැලය මාරුකළාට, කොටියාගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැනේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කිව්වාට ලංකාවේනේ ඉපදුනේ! (නි)

:       0       0

මහින්ද කේ. ගොඩගේ Wednesday, 19 November 2014 11:42 AM

දයාන් මහත්තයෝ ගොඩාක් මිනිස්සු නොවේ. සමහර. කියලා. (ර)

:       0       0

ලක්මිණි Wednesday, 19 November 2014 03:37 AM

ආදරේට වෙන්ට, තරහ ගන්න දෙයක් නෑනේ... (ර)

:       0       0

ධම්ම Wednesday, 19 November 2014 03:51 AM

මේ තුන්දෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයෝ නේද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 20 November 2014 09:23 PM

ගුවන් යානයේ යනකොට දෙනවනේ උණුසුම් වෙන්න ඕනෑ අයට පොඩි බ්ලැන්කට් එකක්.ඒකෙන් මුළු ඇඟම වහගෙන යනවා නම් ඕවා පෙනෙන්නේ නැහැ.අපේ අප්පුහාමිලා ඉතින් දන්නේ නැද්ද? (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 19 November 2014 03:12 PM

එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ? ඔප්පු කරන්න සාක්කි නැත්නම් ඔහුව නිදහස් කළයුතුයි වහාම (නි)

:       0       0

අසෝකා Wednesday, 19 November 2014 03:17 PM

ගුවන් යානයක සාමාන්‍ය පන්තියේ ආසන මෙහෙම හරවන්න බැහැනේ? අනික අපි මොකට කලබල වෙනවද , එකම රටක කට්ටියනේ මේ; කොහොමත් කොතනත් "සම-හරක්ට" ඕනෙම ජරා වැඩක් කරන්න තැනක් නොතැනක් නැහැ. (ස)

:       0       0

සත්‍යයා Thursday, 20 November 2014 10:19 PM

මෙතන අදහස් දාන සමහර අය මේ ප්‍රශ්නයට වාර්ගික හේතුත් ගාවාගෙන... (නි)

:       0       0

මාතුපාල Wednesday, 19 November 2014 03:58 AM

මේ වැඩේ හරිම අශෝභනයි. (අ)

:       0       0

ච.ජයසිංහ Wednesday, 19 November 2014 03:34 PM

පොඩි කලේ ඉදන් හරියට නොහැදුනොත් ලෝකේ කොතනකින් හරි පාඩමක් ඉගන ගන්න වෙනවා. (ස)

:       0       0

රජින්ද Wednesday, 19 November 2014 04:42 AM

සනුහරේ වැරැද්ද..!! (අ)

:       0       0

මිනිපෙ Wednesday, 19 November 2014 04:09 PM

අපි හුඟක් දෙනෙකුට මෙවැනි ආසා විටින්විට පහළවෙනවා.නමුත් එය පාලනය කරගෙන,තැනට සුදුසු නුවණ පාවිච්චි කළ මැනවි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 23 November 2014 12:08 AM

කොටියා කියල හදිස්සියකටවත් ලියන්න නම් එපා. සමහර අයවලුන්ට වාර්ගික ප්‍රශ්න ඔලුවට එනවා. අපි කොටියට මීට පස්සේ එළුවා කියමු එළුවට කොටියා කියමු. (නදී)

:       0       0

කුමාරි Wednesday, 19 November 2014 05:54 AM

සමහර අසහන කාරයින්ට තැනක් නොතැනක් නැ. දැඩි දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

රූපවති Wednesday, 19 November 2014 06:29 AM

මෙපමණ බුධිමත් සමාජයක ජීවත් වෙලත් මේ මිනිසුන්ට හැදෙන්න බැරි හැටියක්..? (හේ)

:       0       0

පෙරේරා Wednesday, 19 November 2014 06:36 AM

මම දන්නා තරමට ගුවන් යානයක පළමු පන්තියේ ආසනයක්වත් ඕන ඕන පැතී වලට හරවන්න බැහැ.(හේ)

:       0       0

පද්මේන් Wednesday, 19 November 2014 06:41 AM

ලංකාවේ ඉපදුනාට මෙයා දැන් බ්‍රිතාන්‍ය පුරවෙසියෙක් නේ.මෙයාව එහෙටම දෙන්න තමයි තියෙන්නේ.හැබැයි මේ කාන්තාව කියනදේය ඇත්තද කියලා පරීක්ෂණය කලානම් හරි.(හේ)

:       0       0

උයන්ගොඩ Wednesday, 19 November 2014 07:24 PM

මේ වගේ අයව හඳට ඇරලා එහෙ පුරවැසිකම දුන්නත්, උපන් ගතිය යන්නේ නැහැ. අපේ රටත් ගඳ ගස්සලා එංගලන්තෙත් ගඳ ගස්සනවා (නි)

:       0       0

ගමගේ Wednesday, 19 November 2014 06:59 AM

දෙදෙනාම බ්‍රිතාන්‍ය පුරවැසියෝ .(හේ)

:       0       0

නිලංක Wednesday, 19 November 2014 07:11 AM

බස් වල පුරුද්ද ගුවන් යානා වලටත් ගිහිල්ලා....! (හේ)

:       0       0

ශිමාල් Wednesday, 19 November 2014 07:51 AM

විලි ලැජ්ජයි.(හේ)

:       0       0

වරුණ Wednesday, 19 November 2014 08:03 AM

මෙයත් හීනෙන් ඇවිදින එක්කෙනෙක්ද දන්නේ නැහැ?(හේ)

:       0       0

දයාන් Wednesday, 19 November 2014 08:07 AM

ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමයි කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්ප්‍රසාදයක්.(හේ)

:       0       0

දයාන් Wednesday, 19 November 2014 08:08 AM

ලංකාවේ ගොඩක් අය මේ වගේ වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (නි)

:       0       0

දයාන් Wednesday, 19 November 2014 08:08 AM

ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (බ)

:       0       0

ජීවක Wednesday, 19 November 2014 08:23 AM

අපොයි ..බස් කෝච්චි වල මේවා ඕනතරම් වෙනවනේ...(බ)

:       0       0

සරණ Wednesday, 19 November 2014 10:09 PM

බස් රථයේ,දුම්රියේ තිබු ක්‍රමවේද, දැන් ගුවන් යානය දක්වාද ව්‍යාප්තවී වැඩිදියුණු වී ඇති හැඩයි (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 19 November 2014 08:26 AM

මේවා ඕනෑතරම් උඩුගුවනේදී වෙනවා.මේවා අපි අත්දැකීමෙන් කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site