IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාව- ඉන්දියාව තවත් කිට්ටු කරන්න තීරණයක් ගනියි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම මගින් දෙරටේ සංචාරකයින්ට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි වශයෙන් ලබා දෙමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික ක්‍රියාකාරකම්, කලාව, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර වල සහයෝගීතාව දිරිමත් කිරීමට හැකියාව පවතින බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ සඳහා අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන අතර ඒ අනුව මගී ප්‍රවාහන යාත්‍රා හා මගී නෞකා මගින් ශ්‍රී ලංකාවෙන් පිටව යන මගීන්ගෙන් දැනට අය කරනු ලබන අපගමන බදු පිළිවෙලින්  ඇමරිකා ඩොලර් පහක් සහ ඇමරිකා ඩොලර්  විස්සක් දක්වා අඩු කිරීමටත් මගී යාත්‍රා මගින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මළු දීමනාවක් ප්‍රදානය කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.



අදහස් (2)

ලංකාව- ඉන්දියාව තවත් කිට්ටු කරන්න තීරණයක් ගනියි

Wije Tuesday, 20 February 2024 01:19 PM

නියමයි, දැන් ගිහින් තෝසේ, වඩේ කාලා එහෙන් බඩු මුට්ටුත් අරන් එන්න පුලුවන්.

:       0       11

chandima Wednesday, 21 February 2024 05:57 AM

ප්ලෑන් එකේ ඉන්න ටිකට් එකක් ගන්න බැරි සංචාරකයෝ ලංකාවට ගෙන්නාගෙන මොනවා කරන්නද? අන්තිමේ ඔවුන් යන්නේ කීයක් හරි අරන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site