(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති බවත් විදුලිය කප්පාදුවට හුරු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වී තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, ඉහළ ආහාර සහ බලශක්ති මිල මෙන්ම ඉහළ උද්ධමනය සමඟ මහ බැංකු වලට සටන් කිරීමට සිදුවීම දකුණු ආසියාවේ ආර්ථිකයන්ට බලපෑම් එල්ල කර ඇතැයි ලෝක බැංකුව පවසා ඇත. ඒ හේතුවෙන් එම රටවල වෙළඳාම සහ නිෂ්පාදනය හැකිලී ඇති බවත් එය එම රටවල සිටින පවුල්වල සැබෑ අදායමට බලපා ඇති බවත් ලෝක බැංකු වාර්තාව පෙන්වා දී තිබේ.
ඇති වී තිබෙන ආර්ථික අර්බුද හමුවේ ඇතැම් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති බවත් තවත් රටවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආනයන සීමා පනවමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
බාහිර ණය ගෙවීමට , ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට විදේශ සංචිත හිඟ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 9.2 කින් හැකිළී ඇති බවත් මෙම වසරේ එය සියයට 4.2 දෙකකින් හැකිළෙතැයි පුරෝකථනය කරන බවත් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවේ සඳහන් වේ.
කලාපයේ ආර්ථිකය 2022 වසරේ සියයට 6.1 ක් දක්වා මන්දගාමී වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එය 2023 වසරේදී තවත් පහළට යමින් සියයට 5.5 ක් දක්වා තවත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කරන බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාව ඇතුළු රටවල් 3කට හරියට කන්න නෑ
fairoos Wednesday, 11 January 2023 04:44 PM
"ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව"
Perera Wednesday, 11 January 2023 05:26 PM
මොන විකාරද? ගිහින් බලන්න රට පුරාම හෝටල්වල, රෙස්ටුරන්ට් වල මිනිස්සු කන, බොන හැටි...