IMG-LOGO

ලංකාවේ ඇතුන්ගේ ගජමුතු නැතිලු

(විනීතා එම්. ගමගේ)

මෙරට ඇතුන් ගේ දළ තුළ ගජමුතු නැතැයි හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, මැණික් පිළිබඳ විශේෂඥයකු හා වනජීවී වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන සමන්ත ගුණසේකර මහතා පවසයි.

ඇතුන් දහස් ගණනකගෙන් එකෙකුගේ මුතු තිබිය හැකි වුවත් එසේ මුතු ඇතිවිය හැක්කේ වසර සියයකට ආසන්න කාලයක් ජීවත් වූ සතකුගේ පමණකැයි ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ගජමුතු බව පවසමින් ජාවාරම්කරුවන් විකුණනු ලබන්නේ මුතු බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතු හෝ ඇත් දළවලින් කපා ඔප  මට්ටම් කරන  ලද කොටස් බව වගකීමෙන් පැවැසිය හැකි බව ගජමුතු පිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින් ගුණසේකර මහතා කීවේය.

එමෙන්ම ගජමුතු බව පවසමින් විකුණන්නට තැත් කරන දේ අතර හරක් ඇට, පළිගු හෝ වෙනත් පාෂාණ වලින් කපා ඔප දැමූ දේ ඇතැයි ද හෙතෙම පැවැසීය.

ඇතුන් ගේ පශ්චාත් මරණ පරික්ෂණ සිය ගණනකට තමන් සම්බන්ධ වී ඇතත් එකම අවස්ථාවක හෝ ගජමුතු හමු නොවූ බව කී ගුණසේකර මහතා ගජමුතු හමුවූ බව  පවසන්නන්ට හසුනොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.



අදහස් (12)

ලංකාවේ ඇතුන්ගේ ගජමුතු නැතිලු

පිටිගල මිලානෝ Monday, 25 December 2017 11:03 AM

පොඩි කාලේ ඉස්කෝලේ මිස්ලා අපිට බොරුනේ උගන්වලා තියෙන්නේ. ලෝකේ ලස්සනම මල් පිපෙන, රසම පලතුරු හැදෙන, හොඳම දේශගුණය ඇති, හොඳම මනුෂ්‍ය ගති ඇත්තන් සිටින ලොව සුන්දරම රට ලංකාව කියලා. ඇත්තටම ඉතාලියට එනකල්ම මමත් හිතාගෙන හිටියේ එහෙමයි.

:       211       322

Sash Monday, 25 December 2017 11:13 AM

මේවා ගැන පුළුල් ප්‍රචාරයක් සහ දැනුවත් කිරීමක් ,මීට කලකට පෙර නොවෙයිද කරන්න තිබුනේ.පමා වී හෝ දැනුවත් කිරීම අගය කරමි.

:       9       140

රවින් Monday, 25 December 2017 11:15 AM

අවුරුදු ගණනාවක් අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ ශිෂ්ට සමාජීය ගතිගුණ සියල්ල රට කාපු පාදඩ දෙසපලුවෝ විසින් විනාශ කිරීමේ ප්‍රතිපල තමා ඔය. මෑත අතීතයක් වනතුරු ලංකාවේ සියලු සත්වයෝ හට, සියලුම ජාතින් සැලකුවේ දැඩි සෙනහසකින්. අද? එකිනෙකා මරාගන්නවා මදිවට සතුන්ගේත් ඇට මිදුළු උලාකන්න හදනවා.

:       0       113

Jayasinghe Monday, 25 December 2017 11:59 AM

ලංකාවේ දේශපාලකයන්ගේ ඔලුවේ මොළේ නෑ වගේ

:       0       57

නුමාMonday, 25 December 2017 10:16 PM

දේශපාලකයින්ට මොලේ තියෙනව. මොලේ නැත්තෙ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. අවුරුදු 70 තිස්සෙ තමන්ව රවටන දේශපාලකයින් ව නැවත නැවත පත් කරගෙන හැමදාම බැණ බැණ ඉන්නව. අනික, දේශපාලකයින් මොනව කලත් තමන්ගෙ ගුණධර්ම වෙනස් කරගන්න දෙයක් නැහැනෙ. ඒව නැතිකරගෙන තියෙන්නෙ අපිමයි.

:       0       6

chinthaka Monday, 25 December 2017 12:30 PM

එතකොට ගජ මුතු ළඟ තිබුන කියා අත් අඩංගුවට අරන් උසාවි දාල හිරේ යවන එකත් බොරු චෝදනාවක්. ? දැනටත් හිරේ ඉන්න අය වන්දී ගෙවා නිදහස් කරන්න වෙනවා.

:       185       216

sena Monday, 25 December 2017 12:53 PM

මම අහලා තියෙනවා ගජමුතු කියලා දෙයක් ඇත්තෙම නැහැ කියලා

:       0       60

ඇත්ගොව්වා Monday, 25 December 2017 01:38 PM

මම කලකට පෙර ඇත්දළ කැලිවලින් මැණික් කපන යන්ත්‍රයකට දමා ඔප කර ගජමුතු හදන බව .

:       0       1

සමීර Monday, 25 December 2017 03:36 PM

ඇත්තටම කිව්වොත් ගජමුතු කියලා දෙයක් ඇත්තෙම නැහැ. ලංකාවේ අලින්ගෙන් දළ තිබෙන්නේ 5%කට පමණයි. හැබැයි ඇතැම් රටවල සිටිනා අලින්ගෙන් 95% කට දළ තිබෙනවා. එම රටවල පවා ගජමුතු කියා දෙයක් ඇත්තේ නැහැ. ජාවරම්කාරයෝ තමයි විවිධ දෑ ගජමුතු කියා විකුණන්නේ. බොහෝ ධනවතුන් මෙයට රැවටෙනවා, මේ ගැන පුළුල් දැනුවත් කිරීමක් අවශ්‍යයි.

:       0       3

minipe Monday, 25 December 2017 04:51 PM

පිටිගල තව දේවල් සොයාගෙන තිබෙනවා ඉතාලියේ.

:       0       1

සුදත් ශ්‍රී Monday, 25 December 2017 07:37 PM

ගජමුතු හැදෙන්නේ විශේෂයෙන්ම මැදිවිය පසු වූ ඇතුන්ගේ දළ කොටස් කැඩී දළ අභ්‍යන්තර කුහරයට වැටී ඒ තුල සෙලවීමෙන් වටකුරු වී ඔප මට්ටම් වීමෙන්. මෙය කලාතුරකින් සිදු වන්නේ.

:       0       6

rocky Wednesday, 27 December 2017 01:31 AM

ගජ මුතු තියෙන්නේ දේශ පාලුවන්ගේ උගුරේ කියලයි මට හිතෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 507 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site