IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලංකාව ආහාර කලාවක් ඇති රටක් ලෙස ප්‍රචලිත කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ )

සංචාරකයින් ගමනාන්ත පමණක් නොව අත්දැකීම් ද සොයා යන ලෝකයක සුවිශේෂී ආහාර කලාවක්  හිමි රටක් ලෙස  තව තවත් ආකර්ෂණීය වීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  කීවාය

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ලංකා සූපවේදීන්ගේ සංසදය මඟින් සංවිධානය කරන ලද, දකුණු ආසියාවේ ප්‍රමුඛතම සූපශාස්ත්‍ර හා ආගන්තුක සත්කාරක ඉසව්වක් වන Culinary Art Food Expo - 2025 හි ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව  පැවසුවාය.

ආහාර යනු කිසි විටෙකත් පෝෂණ කාරකයක් පමණක් නොවන බවත්, එය රටක සංස්කෘතිය, සුන්දර මතකයන්, දේශීය අනන්‍යතාවය සහ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ද වන බවත්, ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් පමණක් නොව,  රසවත් බව සහ නිර්මාණශීලීත්වය ද උපරිමයෙන් ඇති  ස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට සූපවේදය විශාල වශයෙන් උපකාරී වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

එමෙන්ම CAFE ( Culinary Art Food Expo ) යනු මෙරට වෘත්තීය සූපවේදීන්ට ආධුනිකයින්ට කර්මාන්තයේ විශේෂඥයින්ට තරග වැදීමට පමණක් නොව, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට, අදහස් බෙදාහදා ගැනීමට සහ විදෙස් රටවල සූපවේදීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ද ප්‍රධාන අවකාශයක් බවට පත්ව ඇති බැවින්, එය ප්‍රදර්ශනයකට එහා ගිය කුසලතා, උරුමය, සහයෝගීතාවය සහ ආහාර මගින් ආභාෂය ලබා දෙන අසීමිත නිර්මාණශීලී සැමරුමක් බවට පත්ව ඇතැයිද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.



අදහස් (4)

ලංකාව ආහාර කලාවක් ඇති රටක් ලෙස ප්‍රචලිත කළ යුතුයි

කන්ටේනර් 323ක් හොරෙන් පන්නපු එකා ! Saturday, 14 June 2025 07:28 PM

ඔව්, කලාවක් නම් එහි පිකාසෝ ඔබයි !

:       0       2

Niranga Saturday, 14 June 2025 08:49 PM

රජයේ අය තාම පගා ගහනවා, ඔවුන්ගේ දූෂිත වැඩ තාම කරගෙන යනවා... ඒවා සුද්ද කරන්න ඉස්සෙල්ලා...

:       0       1

සාලිය Sunday, 15 June 2025 12:56 AM

සාලයො කිලෝව 800ට ගත්තේ මැඩම්. අඩු කරගන්න විදියක් නැතිද?

:       0       1

semaaris Sunday, 15 June 2025 10:04 AM

අනේ නෝනේ කයිවාරුව මිසක් ඔහෙලාට වැඩ බැරි බව දැන් මොනවට ඔප්පුවී හමාරයි. කිසියම් ඉලක්කයක් දෙසට මේ නැව හිටපු නියමුවා යාත්‍රා කරවමින් තිබුණා. ඔහෙලා රටපුරා සුරංගනා කතාවලින් පිරුණු බේගල් ඇදබාමින් රට්ටු රවට්ටලා නැව ආපසු හැරෙව්වා. දැන් ඉතින් හැමදේටම හිටපු මිනිස්සුන්ට බැන බැන තමන්ගේ නොහැකියාව වහගන්න හැදුවාට මෝඩයින් ටිකදෙනෙක් ඇරෙන්න අනිත් මිනිස්සු ඇත්ත තේරුම්ගෙන ඉවරයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site