IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ ආදි මානවකයාගේ පොසිල පුත්තලමේ

ශ්‍රී ලංකාවේ  මුල්ම පදිංචිකරුවන් වන ශිලා යුගයේ ජීවත් වු ප්‍රාග් ඓතිහාසික  මානවකයින් වාසය කළ පුත්තලම  අරුවක්කාරු  මයෝසීන  නිධිය ප්‍රදේශයේ  ජාතික ‍කෞතුකාගාරයේ  පර්යේෂණ කටයුතුවලට හා ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා  පොසිල  රැස්කිරීමේ කටයුතු ඇරඹිණි.

හොල්සිම් සමාගමේ දායකත්වයෙන් එහි සේවකයෝ ,  එයාර් ලංකා ආයතනයේ සේවකයෝ , පරිසරවේදීහු හා  විශ්ව විද්‍යාල සිසුහු මෙම අවස්ථාවට සහාභාගි වූහ.

මයෝසීන යුගය යනුවෙන්  සැලකෙන්නේ අදින් මිලියන 23.03 සිට 5.332 දක්වා කාල වකවානුව වන අතර එය ගෝලීය වශයෙන් වඩාත් උණුසුම් විය.

මෙම සමයේ උණුසුම් දේශගුණයේ ප්‍රතිඵලයක් ලෙස වැසි වනාන්තර සීමා වීමත් වියළි වනාන්තර  පැතිරීමත් සිදුවිය . දකුණු ආසියාවේ මෙම යුගයේ තෘණ බිම් පැතිරීමත් සමග  සතුන්ට ඡීවත් වීම  විශාල විවිධත්වයෙන් යුතු නිකේතනත් බිහි විය .

දිවයිනේ වයඹදිග ප්‍රදේශයේ මයෝසීන තැන්පතු දක්නට ලැබේ යාපනයේ හුණුගල් නමින් හදුන් වන්නේ මෙම අවසාධිතයන්ය.

මයෝසීන වැලිගල්වල කුඩා තැන්පතුවක් ශ්‍රී ලංකාවේ ගිණිකොණදිග මිනිහාගල්කන්ද නම් ප්‍රදේශයේ පිහිටා ඇත. යාපනයේ  හුණු ගල් වර්ග සැතපුම් 800 ක් වු භුමි ප්‍රමාණයක අඩි සිය ගණනක් ඝනකමට පැතිරී ඇත.

අරුවක්කාරු ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති පොසිල වැඩි ප්‍රමාණයක් සමුද්‍ර වාසීන්වේ.එවා නම් ගැස්ටෝපෝඩාවාන් ,දෙපියන් බෙල්ලන්, පසැගිල්ලන් , ඉකිරියන් , සමුද්‍ර ශාක ,නළ පණුවන් , මඩුවන් , මෝරැන් , අස්ථික මසුන් , කැස්බෑවන් , ඉබ්බන් ඩොල්පින් ශා තල්මසුන් ආදීයයි.

ඇරුවක්කාරු හා ඊට යාබද පෙදෙස් වල වු ස්වභාවික බොරළු තැන්පතු අතර එම මානවයින් විසින් නිපදවන ලද ශිලා මෙවලම් බොහෝමයක් හමු වි ඇත. මෙම මෙවලම් බෝහෝවිට මිට වසර 1,25,000 ක් හෝ ඊටත් වඩා පැරණි විය හැක.

තිරුවානා හා කහද ගල්වලින් නිර්මිත මෙම මෙවලම්  සතුන් හම ගැසීම , මස් වෙන්කොට ගැනීමට , තැලීම ආදී එදිනෙදා අවශ්‍යතා සදහා නිපදවන්නට ඇත. මධ්‍ය පුරාශිලා  යුගයට අයත් යැයි අනමාන කෙරෙන මෙම ශිලා මෙවලම් නිපදවා ඇත්තේ නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ස් විසිනි. මෙම මෙවලම් ප්‍රමාණයෙන් විශාල අතර රළු ස්වරූපයක් දරයි.

පැමිණ සිටි පිරිසට මේ පිළිබඳව මූලික  දැනුම්වත් කිරීම සොබාදහම සංරක්ෂණ  අන්තර්ජාතික සංගමයේ ( අයි.යු.සි.එන්) වනවිද්‍යා හා ජෛව විවිධත්ව අංශයේ  සම්පත් ගුණතිලක මහාතා සිදු කළේය. මෙම අවස්ථාවට ජාතික කෞතුකාගාරයේ සහාකාර අධ්‍යක්ෂක ( කීට විද්‍යා අංශය) ආචාර්ය මනෝරි ගුණතිලක මහත්මිය , අයි.යු.සි.එන් ආයතනයේ මහාචාර්ය දේවක වීරකොන් , මධ්‍යම පරිසර අධිකාරියේ කුරුණෑගල කාර්යාලයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක එන්. දිසානායක , හොල්සීම් ආයතනයේ පරිසර කළමනාකරු මෙනන් ජයරත්න යන නිලධාරීහු සහභාගි වූහ.

puttalam_20151215-1 puttalam_20151215-2 puttalam_20151215-3 puttalam_20151215-4 puttalam_20151215-5 puttalam_20151215-6 puttalam_20151215-7 puttalam_20151215-8 puttalam_20151215-9



අදහස් (0)

ලංකාවේ ආදි මානවකයාගේ පොසිල පුත්තලමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site