(විමුක්ති එස් රුද්‍රිගු)
ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟ කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන් ගෙන් ලැබෙන ආදායම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවත් එම ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය මුදල විශාල සහායක් වූ බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2026 වසර තෙක් සියයට 22 සීමාවට වඩා ඉහළින් පවතිනු ඇති බවද ලෝක බැංකුව එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.
පසුගිය වසරේ හතරවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.5 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තත් සමස්තයක් ලෙස 2023 වසරේදී සියයට 2.3 ක සෘණාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තේය.එසේම පසුගිය වසරේදී මෙරට දරිද්‍රතා මට්ටම සියයට 26 ක් විය.
COMMENTS
සෑහෙන අඩි ගානක් පෙරට තියල කියලනම් පේනවා මේ news එකට උඩින් තියෙන news article එක දැක්කම. "දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා" පුළුවන්තරම් බදු ගහල, සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන පඩියෙන් තමන්ගේ ලමයින්ටවත් කන්න දෙන්න විදියක් නැහැ. රටේ කිසිම නිශ්පාදනයක් නැහැ.
රටේ දියුණුවක් හරියට වෙන්න නම් නිෂ්පාදන වල ප්‍රගතියක් දැකිය යුතුය .අපනයන වල වර්ධනයක් .අලුතින් කර්මාන්ත වර්ධනය විය යුතුය .මේ විදියට තමා අවුරුදු 70 ගණනක් ගිහින් රට බංකොලොත් උනේ
ලංකාවේ නිවෙස් කීපයකට ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය හොයල බැලුවා නම් ආර්ථික ය හොඳට පුරෝකථනය කරන්න තිබුණා
දැන් අපේරටේ ආර්ථික ඔස්තාර්ල කට උල්කරල අත රවුම් කරල මේකෙ අදහස් පළකරයි.
මෙයාලත් ණය දිදී රටම අන්දනවා
මෙම තත්වය නැති කර කියුබාව, වෙනිසියුලාව වැනි තත්වයට ආර්ථික වශයෙන් යාමට අවශ්‍ය අය ජාතික ජන බලවේගය නමින් වෙස් වලා ගෙන පැමිණ සිටින ජනතා විමුක්ති පෙරමුණට ලග එන ඡන්දයක දී ඔවුන්ගේ කතිරය භාවිත කළ හැකිය.
අපි කනහැටි ලිපා දනී...