
(අංජුල මහික වීරරත්න)
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි.
ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පැවති හමුවේදී මේ කරුණු අනාවරණය විය.
දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවෙන් පිටමං කළ සල්ලි ගේන්න ඇමරිකා සහය
Neel Saturday, 07 December 2024 05:20 PM
පළමුව උගන්ඩාව...!
Gunendra Saturday, 07 December 2024 05:26 PM
සෙල්ෆි විතරයි, වැඩ නෑ.
JanahithaSunday, 08 December 2024 12:39 AM
මහින්ද, බැසිල්, නාමල්, රවී, රනිල්ගෙන් ගන්නද කියන්නේ...?
පරණ වයින් අලුත් බෝතල් වල Saturday, 07 December 2024 05:49 PM
මේක 2015 යහපාලන කාලෙ ප්‍රවෘත්තියක් දැයි කියලා හිතෙනවා. මොකද එදත් අනුර කුමාර දූෂණ විරෝධී කමිටුවේ ලේකම් සහ වත්මන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල ( අනුරගෙ ගජ මිතුරා) හොරු අල්ලන කමිටුවට ඇමරිකාව ඇතුළු වෙනත් සංවිධාන වල සහයෝගය දෙනවා කිව්වා අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ. හැබැයි රජයේ කෝටි ගාණක වැටුප් සහ දීමනා නම් ගත්තා.
ravin Saturday, 07 December 2024 06:57 PM
බොහෝම හොඳයි. නරකද ලංකාව ඇතුළු ප්‍රසිද්ධ 10% දැනට සිය පවුල සමග පදිංචිය ඇමරිකාවෙන්ද? ඔහු හා නෑදෑයින්ගේ වත්කම් නිසිලෙස විගණනය කරලාම පටන්ගත්තොත්... හොඳ ආරම්භයක් වේවිද?
ජෆත් කුමර Saturday, 07 December 2024 07:47 PM
ඔවු අපේ දේශපාලනය තිබෙන්නේ ආගම් වාදී ජාජ්තිවාදී (ඒ කියන්නේ සිංහල බෞද්ධ) උන්ට විරුද්ධව…. අද අපි බෞද්ධ සංකේත, පිරිත්, පොල්තෙල් පහන්, බෙර, ජයමන්ගල ගාථා, හේවිසි ඔක්කෝම නැති කරනින් යන්නේ... අනිත් ආගම් සහ ජාතීන් අපිට ඡන්දේ දුන්නා. LTTE ඩයස්පෝරා එක සහ ඇමරිකන් සහෝදරවරු (ඉස්සර අධිරාජ්‍යවාදීන්) බලන් ඉන්නේ අපි කරන වැඩ …
perera Saturday, 07 December 2024 09:03 PM
ඔව්. ජේ.අර්.ජයවර්ධන මහතා 1977 දිනපු ගමන් ඇමරිකාව අල්ලාගෙන වැඩ කරගෙන ගියා. බලමු...!
රුවන් Saturday, 07 December 2024 09:20 PM
ට්‍රම්ප්ගේ රජය දැන් ඉස්සරහට රටවල්වල දේශපාලනයට ඇඟිලි ගහන්නේ නෑ... ව්‍යාපාර, ආයෝජන වලට ප්‍රමුඛත්වය දෙනවා කියන හින්දා. ගිය ආණ්ඩුවේ හොරු පාට රටවල්වල හංගපු සල්ලි ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකද ඒ අයටත් ලංකාව වටිනවා. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වගේම semiconductors චීප නිෂ්පාදනය අවශ්‍ය ප්‍රධාන මුලද්‍රව්‍ය වුණත් ලංකාවේ ගොඩක් තියෙනවා. ඇමරිකාවටත් ඕනේ ආර්ථික ලෝක බලවතා කියන කිරුළ රැකගන්න. චීලී රටෙත් හිටපු පාලකයින් හංගපු සල්ලි ඇමරිකාවේ ආයෝජන අවස්ථාවන් හින්දාම රටට ලැබුණා. අද දකුණු ඇමෙරිකාවේ ධනවත්ම රටක්...
රුවන් Saturday, 07 December 2024 09:26 PM
මෙතැන කමෙන්ට් දැක්කම ප්‍රශ්නයක්... ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිය කොහේද කියලා, මෙතැන කිසිම තැනක නෑ ජාතිවාදී ආගම්වාදී අදහස්, මෙතැන තියෙන්නේ දේශපාලුවන් හොරාකාපු සල්ලි ආයෙත් රටට ගන්න එක. ඒකටත් කැමැති නැත්තං සමහර විට මේ කමෙන්ට් දාව අයත් වක්‍රව ඔය සල්ලි පරිභෝජනය කරනවා ඇති. 2006 යුද්ධය තියෙනකොට කොටි හිටිය තැන් සැටලයිට් වලින් පෙන්නුවේ ඇමරිකාව, මහින්ද - ගෝටාභය රාජපක්ෂ වුනත් එදා ඕක කිව්වා. ඇමරිකාවේ උදව් නැතිව අපිට ඔය හංගපු සල්ලි ගන්න බෑ. පැනමා පෙපර් වලින් වුනත් ඔප්පු වුනා ඕනේ රාජපක්ෂ පවුල ස්විස්ටර්ලන්තයේ ඩොලර් මිලියන ගානක් තැම්පත් කරලා කියලා. කාටවත් ඕවා මතක නැතුව ඇති මගේ හිතේ...
Kolla Saturday, 07 December 2024 10:33 PM
නිරූපමා රාජපක්ෂ.. බැසිල්, නාමල්...!
ranjith Saturday, 07 December 2024 10:59 PM
අනේ පළමුව අර ෆයිල් 200ක්ද කොහේද පෙන්නපු ටිකට නීතිය ක්‍රියාත්මක කරන්නකෝ...
Wasantha Saturday, 07 December 2024 11:43 PM
උගන්ඩා සල්ලි හොයාගෙන තියෙන්නේ. ඒවා අරගෙන එන එක තමයි අමාරුම සහෝදරයා. ඔන්න අපි විශ්වාස කළා හොඳේ... මොකද මෙයා ඇත්ත විතරමනේ කියන්නේ...
pj Sunday, 08 December 2024 06:37 AM
තුන්වන පන්තියේ වාමාංශිකයෙක්.. දක්ශිණාංශික ලෝක බලවතාගෙන් උදව් ඉල්ලනවා දැක්කාමයි. නියම නායකයෝ මිට වඩා දුර දකිනවා. අන්තිමට ත්‍රිකුණාමලයේ ඇමෙරිකන් බේස් ඒකක් පිහිටුවලා.. කෙළවර වේවි. හම්පඩයෙක් නැතුව නියම නායකයෙක් රටකට අවශ්‍ය ඒ නිසයි.
Prasanna Sunday, 08 December 2024 08:24 AM
ඔය පච... පචවලින් බිහි වුණු ලොව එකම ආණ්ඩුව... දැන් ඇති...
[email protected] Sunday, 08 December 2024 10:11 AM
සේරම රටවල් වලට කෙලින අමෙරිකාව ආයෙත් කොටවන්න හදනවා.
Damith Sunday, 08 December 2024 03:09 PM
කයියයි, පම්පෝරියයි විතරයි... කමක් නැහැ තනියම තනියම දොර ඇරගන්නවනේ...
Perera Sunday, 08 December 2024 11:22 PM
නවසීලන්තයත් ඉන්නවා රාජපක්ෂ හොරා සල්ලි වලින් පිනුම් ගහන අයගේ නියෝජිතයෙක්...