IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර් යාලය පවසයි.

ඉන්දියාව තව දුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර් තා වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා ඉන්දියාව මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක ද්වි පාර්ශ්වික සහායක් ලබා දී තිබෙන බව ඉන්දීය තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා සහාය ලබා දීමට අනෙකුත් ද්වි පාර්ශ්වික සහ බහු පාර්ශ්වික හවුල්කරුවන් සමගද ඉන්දියාව පක්ෂව කටයුතු කර ඇතැයි ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ඉන්දියාව  ද්වි පාර්ශ්වික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහා යොදවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වන බව ඉන්දියානු තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් අංශ සඳහා දිගින් දිගටම උදව් කරන බවත්  විශේෂයෙන් දීර්ඝ කාලීන ආයෝජන දිරිමත් කරන බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පැවසුවේය. 



අදහස් (5)

’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’

D P P Prasad Wednesday, 21 September 2022 12:41 PM

අසල්වැසි ඉන්දියාවේ ආධාර උපකාර නොමැතිව අපහට ඉදිරියට යෑමට නොහැක. එමනිසා ඉන්දියාව ඇතුළු අනෙකුත් සියළුම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කටයුතු කළ යුතුයි...!

:       1       2

Hafeel Wednesday, 21 September 2022 02:12 PM

ඉන්දියාවෙන් උපරිම ඈත්වෙලා ඉන්න එක ඉතා හොඳයි. ඉතිහාසය බැලුවොත් බලයට එන සියළු ඉන්දියානු රජයන් අපිට අනවශ්‍ය බලපෑම් කරලා තියන්නේ. 1980 සිට උතුරේ ත්‍රස්තවාදීන්ට ඉන්දියාවේ පුහුණුවීම්, අවි ආයුධ, මුදල් දීලා ඔවුන්ව පෝසත් කළා. 1987 දී වඩමාරච්චිවල සමස්ත කොටින්ව අවසන් කරන්න ඔන්න මෙන්න තියද්දී, අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා එම මෙහෙයුම නැවැත්තුවා. ඒ හරහා අපිට ඔරොත්තු නොදැන පළාත් සභාව අපිට පැටෙව්වා. මෑතකදී එක ආයතනය සභාපති කෙනෙක් කිව්වා හිටපු ජනාධිපති ගෝඨාභයට ඉන්දියානු අගමැති මෝඩි බලපෑම් කළයි කියලා. ඉන්දියාව අපිට නැගිටින්න දෙන්නේම නැහැ. ඒකට ගැලපන දුර්වල කොන්ද පණ නැති නායකයින්ව තමයි අපේ රටේ ජනතාව පත් කරන්නේත්...!

:       2       1

sarathWednesday, 21 September 2022 03:41 PM

හැබැයි මේ අවුරුද්දේ මුලසිට ඉන්දියාවේ ණය නොතිබුණා නම් අපිට කැඳත් නැහැ...

:       0       2

Hafeel Wednesday, 21 September 2022 04:12 PM

Sarath, ඉන්දියාවේ කැඳට වඩා අපේ ළිං වතුර හොඳයි. ඔවුන් ඔය කැඳ ටික දීලා දැනටමත් රටේ මොන මොන සම්පත් ඔවුන් සතු කරගත්තයි කියලා පාලකයින් හැර වෙන කව්ද දන්නේ? ඔවුන්ගෙන් කැඳ ඉල්ලන්න තරමට රට පත්කළේ 1977න් පසු බලයට ආ පාලකයින්. ඒ නිසා තමයි මම මුලින්ම සඳහන් කලේ ඉන්දියාව අපිට නැගිටින්න දෙන්නේම නැහැ කියලා.

:       0       0

ganegoda Wednesday, 21 September 2022 01:14 PM

අපේ රටට අද ලෝකයේ කිසිම පිළිගැනීමක් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site