IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවට ලෝක බැංකුවෙන් සහතිකයක්

 

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා නිව්යෝර්ක් නුවර දී පැවසීය.

ශ්‍රී ලංකාවෙි  ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කීය .

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා  මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළේය.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි.



අදහස් (6)

ලංකාවට ලෝක බැංකුවෙන් සහතිකයක්

Rata Perata Tuesday, 19 September 2023 11:49 AM

රනිල් ගේ වැඩපිළිවෙලක් නෑ මනුස්සයෝ .රනිල් කරන්නේ අයි.එම්.එෆ් වැඩපිළිවෙල කොහොමහරි ක්‍රියාත්මක කරන්න හදන එක විතරයි .එහෙම වැඩපිළිවෙලක් තියෙන මිනිහෙක්ට අවුරුදු 40 ක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන නෑ .රට බන්කොලොත් වෙන්නෙත් නෑ

:       5       46

lalindra Tuesday, 19 September 2023 12:26 PM

ලෝක බැංකු සභපති දන්නෙ නෑ මෙහෙ උන් හොරා කන්න ඕන උනාම ඩිජිටල් ද අරවද මේවද වැඩක් නෑ. උන් කොම්ප්පියුටරේ කඩලා උපකරනෙ ගලවලා දාලා සිස්ටම් වැඩ කරන්නෙ නෑ කියලා හොරා කන බව.

:       3       49

sene Tuesday, 19 September 2023 12:40 PM

ජනාධිපති මාධ්‍ යඅංශය කියනවා අපි අහනවා, අනේ මන්දා ? කිව්වා කියිලා කියනවා

:       2       46

විජේ Wednesday, 20 September 2023 01:30 AM

දැන් ලංකාව පාලනය කරන්නෙ ජූලි චං. රනිල් නටන්නෙ ඒ පදේට.

:       0       0

LGP. JATHUNARACHCHI. Wednesday, 20 September 2023 06:37 AM

එය විය යුතුය. රාමු කර ප්‍රකාශයට පත් කර ඇත.

:       0       0

chandima Thursday, 21 September 2023 02:52 AM

සර්ධාර්ගි මොනවා කියනවද මන්දා ?බකන් නිලාගෙන ඉන්න එකට වැඩපිළිවෙල කියනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site