බ්‍රිතාන්‍ය ගුවන්සේවය වන බ්‍රීටිෂ්එයාර්වේස් සමාගම ලබනවසරේ මාර්තු විසි අටවෙනිදා සිට ශ්‍රී ලංකාවට ගන්නා ගුවන්සේවා නතරකිරිමට තීරණය කරඇත. ඒ සමගම මාලදිවයින් ගමනද නතර කළත්,ශීත සෘතුවේදී පමණක් මාලදිවයිනට පියාසර කරන බව කියයි.
ගුවන්සමාගම පවසන අන්දමට ශ්‍රී ලංකා ගමන නතර කරන ලද්දේ ඔවුන්ට මේ ගමනින් පාඩු වන නිසාය.
එවුන් ප්‍රකාශකර සිටී.ගුවන් ටිකට් වෙන්කරවා ගෙන සිටින අයට මුදල්ගෙවන බවද සමාගම දන්වා සිටියි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලංකාවට නාවත් මාලදිවයිනට යයි
හරිශ් Monday, 29 September 2014 10:36 AM
මේ ගොල්ලෝ ආවේ නැති කාලේ එමිරේට්ස් ඔක්කොම අල්ලලා ඉවරයි. (නි)
සිරි Monday, 29 September 2014 10:40 AM
අනේ හපොයි (දී)
සමන්ති Tuesday, 30 September 2014 01:02 AM
අපි මිහින් ලංකා, ලංකාවේ මත්තල සිට ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපළට යවමුද? (නි)
සමින්ද Tuesday, 30 September 2014 08:05 AM
ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි, හැම රටකටම යන ගුවන් ගමන් නවතා බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසා දැමීමට වාසනාව ලැබේවා!(දී)
ලකී දොඩන්ගොඩ Monday, 29 September 2014 11:53 AM
ඒ කියන්නේ ලංකාවට එන එක වාණිජ අතින් පාඩුයි. මාලදිවයිනට යන එක ලාබයි. අහෝ අපේ රටට ගිය කලක්! (නි)
චින්තක Monday, 29 September 2014 12:00 PM
අනේ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම ගුවන් සේවය කියල.එන්නේ නැති එකම තමයි.ඔය රටත් එකයි ඉන්න කට්ටියත් එකයි.මෙලෝ රහක් නෑ.මාත් ඔය රටේ අවුරුද්දක් ඉඳල ආව නිසා දන්නවා. (දී)
හේමන්ත Monday, 29 September 2014 12:13 PM
නොඑන තරමට හොදයි ඔය වසංගත. (දී)
ධනංජය Monday, 29 September 2014 12:52 PM
අනේ මෙන්න වැඩක්? අපි රට ගිහින් ඉවරයි! අනේ හලෝ, යනවද යන්න අකුලාගෙන මෙහෙන්!(දී)
කුසල් Monday, 29 September 2014 01:08 PM
නොඑන තරමට හොදයි (දී)
තරංග ඒකනායක Tuesday, 30 September 2014 05:25 PM
මේක සිද්ද උනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ජලයට ඇතුලත් වීමත් සමගම බ්‍රිතාන්‍ය ගුවන් සේවා මගීන්ට එම ටිකට් පතින්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා සේවාව ලබාගැනීමට එකඟ තාවය දීමත් සමගය (දී)
ගයාන් Monday, 29 September 2014 06:25 AM
නම විතරයි, කිසිම විශේෂත්වයක් නැහැ.(දී)
යසිත් Monday, 29 September 2014 06:26 AM
ලොකු දෙයක්....(දී)
දයාන් Monday, 29 September 2014 06:33 AM
ටිකට් මිල ශ්‍රිලංකාවේ මගීන්ට දරාගන්න අමාරුයි. අනෙක් එක තමා ගමන් මලු වල බර ගැන තියෙන තද නීති. (දී)
හසිත Monday, 29 September 2014 06:32 AM
වෙළදපොල හදුනා නොගැනීම නිසා තමා මේක වෙලා තියෙන්නේ....(දී)
අවිශ්ක Monday, 29 September 2014 04:18 PM
අපිට මොකද (දී)
වත්සලා Monday, 29 September 2014 06:53 AM
අපිට ඕනේ නැහැ ඔය කවුරුත් එපා නම් එපා (දී)
රන්සක Monday, 29 September 2014 07:00 AM
බ්‍රිටිෂ් ගුවන් සමගම ලංකාවට එන්නේ ලන්ඩන් ගත්වික් ගුවන් තොටේ සිට. නමුත් ලන්ඩන් හිත්රෝ සිට අවනම් ඕනි තරම් මිනිස්සු ඉන්නවා යන්න එන්න . (දී)
රොෂාන් Tuesday, 30 September 2014 04:59 AM
ඕන දිහාවකට යන්න මෙහෙ එන්න එපා (දී)
කුමාර Monday, 29 September 2014 07:26 AM
ගොඩක් පරණ ගුවන් සමාගම් බංකොලොත් වේගෙන යනවා.ඉතින් අනාගතයේ ලංකාවට විතරක් නොවේ ,මුළු ගුවන් සේවයම නතරකරන්න වේවි.(දී)
රුවන් Monday, 29 September 2014 05:02 PM
වැඩකටම නැති ගුවන් සේවය , නොආවට කමක් නැත (දී)
දීපක් Monday, 29 September 2014 08:57 AM
එක පාරක් මමත් පවුලත් එක්ක ගැට්වික් එකකින් ලංකාවට අවා ශ්‍රී ලන්කන් එක දැන් හොඳ නැහැ කියල හිතල. එදාම හිතාගත්ත මීට පස්සේ නම් ශ්‍රී ලන්කන් එකේ හැර වෙන එකක යන්නේ නැහැ කියල. නම පමණයි මෙලෝ රහක් නැහැ. නාකි සුද්දියෝ ටිකක් නම් ඉන්නවා. ප්ලේන් එක බාන්න නග්ගන්න පැය ගනනක් ගන්නවා. (ස)
අබුල් හසාන් Monday, 29 September 2014 09:08 AM
ඒක නතර කළත් අපේ අය රට යනවමයි. (ස)
සමන් Monday, 29 September 2014 05:30 PM
නම ලොකුවට තිබුනට මෙයාලා ගොඩක් ගමනාන්ත පාඩුවට තමයි අපට පෙනෙන විදියට දුවන්නේ. ශ්‍රී ලන්කන් සේවය මීට ගොඩක් හොඳයි. (නි)
සමන් Monday, 29 September 2014 09:50 AM
ඔය වෙලාවට තමයි හොඳ කළමනාකාරිත්වයක් තිබුණා නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වැඩ පෙන්වන්න තිබුනේ. (නි)
ධම්ම Monday, 29 September 2014 09:47 AM
පුදුමයි අපේ අය මේකේ නොයන එක. 'බ්‍රිටිෂ්' කිව්වාම පොඩි 'ගතියකුත්' තියෙනවානේ. (නි)
චමින්ද Monday, 29 September 2014 08:45 PM
දීපක්,මම දන්න විදියට දැනට දශක දෙකකට පෙර හිටියෙත් වයසක අයම තමයි. (නි)
ජයමාල් Monday, 29 September 2014 10:31 AM
යන්නෙ කොහෙද? අස්ස ගණන්නේ ගන්නේ (නි)
සත්‍යපාල Monday, 29 September 2014 10:32 AM
ගුවන්යානා ලංකාවට එන්නේ සංචාරකයින් හෝ ව්‍යාපාරිකයින් ඉන්නවා නම් පමණයි.ඉතින් මේ දෙගොල්ලෝ එන්නේ නැත්තේ පසුගිය කාලේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් වල බලපෑම හේතුවෙන් විය හැකියි (නි)